විමල්ට රට යන්න අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් විරවංශට ලබන 19 වනදා සිට 23 වනදා දක්වා කාලය තුල විදේශ ගතවීමට අධිකරණය අද (16) අවසර ලබා දී තිබෙනවා. 

මන්ත්‍රීවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මෙම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එම කාලය තුල හිටපු ජනාධිපතිවරයා, පාකිස්තානයේ විශ්ව විද්‍යාලයක් මගින් සංවිධාන කරන ආරක්ෂක සමුළුවක් සදහා සහභාගී වන අතර ඔහු සමඟ පාකිස්තානය බලා යන දූත පිරිසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් ඇතුලත් බව සදහන්.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment