ශූරයන්ගේ තරගවලදී ඉන්දියාවේ වැඩකාරයෝ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ශූරයන්ගේ තරගවලදී ඉන්දියාවේ වැඩකාරයෝ මෙන්න

ශූරයන්ගේ කුසලාන තරගවලදී  ඉහළ  දස්කම් පෙන්වූ ඉන්දියාවේ Shikhar Dhawan ලබාගෙන ඇති ලකුණු සංක්‍යාව 680ක්. Ravindra Jadeja කඩුළු 16ක් ලබා සිටිනවා.





ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන්  කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබමින්. ශූරයන්ගේ කුසලාන  අවසන් මහා තරගය ඉරිදා (18) පකිස්ථානය සමග පැවැත්වෙනවා.

ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයකට ඉන්දියාව තේරී  පත්වූ සිව්වන අවස්ථාව මෙයයි. ඉන්දියාව ශූරයන්ගේ කුසලානය 2013 දී ජයගත්තා. 2002 දී සම ශූරතාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාව සමගයි.



පකිස්ථානය මේ දක්වා ශූරයන්ගේ කුසලානය දිනා නැහැ. ICC තරගාවලියක ඉන්දියාව සමග පකිස්ථානය අවසන් මහා තරගයකට එක්වන්නේ වසර 10කට පසුවයි. 2007 දී T20 අවසන් තරගයෙන් ජය ගත්තේ ඉන්දියාවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad