ඇමැති රවිගේ වැඩක් ගැන අනුර කුමාර හෙළි කරයි

හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට මෙතෙක් බලපත්‍රය නොදී සිටින්නේ අර්ජුන් ඇලෝසියස් අම්පාරේ පටන් ගත් මත්පැන් නිෂ්පාදනාගාරයට වාසි සැලසීමට දැයි සාධාරණ සැකයක් මතුව වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

මීට මාස 8කට පෙර ආරම්භ කළ හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට තවම බලපත්‍ර ලබා නොදීමට එරෙහිව මැදිහත්ව සිටින්නේ ඇමැති රවී කරුණානායක බවයි ඔහු සඳහන් කළේ. එලෙස බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටියක් බවයි වාර්තා වන්නේ.

වැවිලි සමාගමක් සතුව පවතින එම සීනි කර්මාන්ත ශාලාවේ උක්වලින් සීනි ඇඹරීමේදී ලැබෙන මොලෑසස් මඟින් එතනෝල් පෙරීමේ ක්‍රියාවලියට බලපත්‍රය නොදීමෙන් දිනකට රුපියල් කෝටියක ආදායමක් අහිමිවන බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා. මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික සීනි කම්හලකට බලපත්‍ර ලබාදීමත්, වැවිලි සමාගමට අයත් කම්හලකට බලපත්‍ර ලබා නොදීමත් අතර බරපතළ සැකයක් මතුවන බවයි.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment