ඉන්දියාවේ ක්‍රිකට් දෙදරයි – කෝලි නිසා ප්‍රධාන තුරුම්පුව ඉවත්ව යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 21, 2017

ඉන්දියාවේ ක්‍රිකට් දෙදරයි – කෝලි නිසා ප්‍රධාන තුරුම්පුව ඉවත්ව යයි


ඉන්දීය කණ්ඩායම ICC ශුරයන්ගේ කුසලානය පරාජය වීමත් සමඟ ඉන්දියාවේ ක්‍රිකට්වල ලොකු ලොකු පෙරලි සිද්ධ වෙන්න පටන් අරගෙන. ගොඩක් කාලයක් ඉන්දියන් කණ්ඩායම සාර්ථක කළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලේ ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ මෙම තීරණයට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය නායක විරාත් කෝලි කියලා තමා ආරංචි නම් වෙන්නේ. අනිල් කුම්බ්ලේට කෝලි විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ විවිධ චෝදනා රැසක් එල්ලකර තිබෙනවා. තමන් සමඟින් කණ්ඩායමේ කටයුතු කරන විට පුහුණුකරු වන අනිල් කුම්බ්ලේ ගන්නා හිතුවක්කාර හා අහංකාර තීරණ පිළිබඳව ක්‍රීඩකයින් ඔහුට පැමිණිලි කර ඇති බව කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව කුම්බ්ලේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර තමන් පිළිබඳව ක්‍රීඩකයින් තුල ඇති වැරදි මතය පිළිබඳව ඔහු කණගාටු වන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය නිවැරදි කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවත් කුම්බ්ලේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad