ප‍්‍රභාකරන් කරපු අහස පොලොව නුහුලන අපරාධයක තරම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 21, 2017

ප‍්‍රභාකරන් කරපු අහස පොලොව නුහුලන අපරාධයක තරම

වවුනියාව,ඊච්චන්කුලම,ඊශ්වරපුරම් ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (20) සවස උපන් විගස දරුවා වැසිකිළි පෝච්චියට දමා ඝාතනය කොට ඇති බැව් ඊච්චන්කුලම ප‍්‍රදේශවාසීන් පවසයි.

ඊච්චන්කුලම පොලිසිය පැවසූවේ ප‍්‍රභාකරන් ඩෙන්සියා නමැති 25 හැවිරිදි කාන්තාවක් උපන් විගස සිය දරුවා එලෙස වැසිකිළි පෝච්චියට දමා තිබු අතර,අදාළ බිළිදා මියගොස් සිටි බවයි. පොලිසිය පැවසූවේ අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂාය මීට වසර දෙකකට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බැව් අනාවරණය වී ඇති බවයි.

අදාළ කාන්තාවට සවස 5.00 ට පමණ දරුවා බිහි වි ඇති අතර,අදාළ කාන්තාව කිසිවෙකුටත් නොපවසා ඇති බවද පරීක්ෂණයන්ගෙන් හෙළි වි ඇත. ප‍්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමක් මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් අතර, මියගිය දරුවාගේ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බැව්ද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ දරුවා උපතේදි මියගොස් සිටි බැවින් සිරුර වැසිකිළි පෝච්චියට දැමු බවට අදාළ කාන්තාව පවසා ඇති බවයි.

බිළිදු සිරුර සම්බන්ධයෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදි අද(21) පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. පොලිසිය පැවසූවේ අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර,කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ වවුනියාව රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව – මාධව කුලසූරිය)

No comments:

Post a Comment

Post Bottom Ad