"අපි නැවතිලා ඉන්නේ දැන් උබලා නැවතියල්ලා" - බොදු බලය යළි සටනට එන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

"අපි නැවතිලා ඉන්නේ දැන් උබලා නැවතියල්ලා" - බොදු බලය යළි සටනට එන ලකුණු

විධායක බලතල යොදා ගනිමින් හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු බව බොදුබල සේනා සංවිධානය පවසයි. එම සංවිධානය ඊයේ (29) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවක දී එහි නියෝජිතයන් මෙසේ අදහස් පළ කළේය.

“අපි යෝජනා කරනවා දඹුලු රජ මහ විහාරයේ පිං පෙට්ටිය ගැන හොයන ඇත්තන්ට එහෙනම් මුන්නේශ්වරම් කෝවිලට කොච්චර මුදල් වැටෙනවද?කෝනේෂ්වරන් කෝවිලට කොච්චර මුදල් ලැබෙනවද?මඩු පල්ලියට කොච්චර මුදල් ලැබෙනවද?ඒවත් ගණනය කරන්න ඒවායේ කිසිම ප්‍රශ්නයක් නොමැති නෑ ලොකුම ප්‍රශ්නේ රංගිරි දඹුලු රජ මහ විහාරයේ පිං පෙට්ටිය” යැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවසුහ.

“අසාද් සාලි කියන මැටි මෝලෙක් හාමුදුරුවරුන්ට දැඩි අපහාසාත්මක ලෙස කතා කරන බව හා බුද්ධ ශාසන ඇමතිවරයාට තමුසේ තමුසේ කියලා ආමන්ත්‍රණය කරලා කතා කරනවා.මොක්කුද මුන්?කොහෙන් ආපු එවුන්ද?අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිව කියනවා අනවශ්‍ය ප්‍රශ්නයක් මේ නිර්මාණය කරන්න හදන්නේ අපි නැවතිලා ඉන්නේ දැන් උබලා නැවතියල්ලා කියලා.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අම්මණ්ඩි ප්‍රකාශයක් කරලා තිබෙනවා පල්ලියකට ගිහිල්ලා,පල්ලි කුඩු කරනවා,පල්ලියකට ගැහුවා මේ සිංහල බෞද්ධ අන්තවාදීන් එයා මේ සිංහල ජනතාව වෙනුවෙන් සමාව ගන්නවා කියලා.

චන්ද්‍රිකා නෝනට මතක් කරන්න ඕනා එයාලගෙන් සමාව ගන්න ඉස්සෙල්ලා ඔය අම්මණ්ඩි සමාව ගන්න ඕනේ සිංහල බෞද්ධයන්ගෙන්.ඇයි ඒ 2001 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ පළ විපාක තමයි අද මේ රට අස්ථාවර තත්වයකට පත් වීමට හේතුව”යැයිද උන්වහන්සේ වැඩි දුරටත් පැවසුහ. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පැවසුවේ  බුද්ධ ශාසන කොමිසන් සභා වාර්තාවේ 2002 වන විට ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන හයසීය ගානක් නම් පිටින් විනාශ කරලා තිබෙන බවයි.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒවා ගැන කතාකරනේ නෑ.පුරවැසි බලය සාධාරණ බලයක් සඳහා වූ සංවිධානය කිසිම දවසක දැන්වීම් දාලා නෑ බෞද්ධ සිද්ධස්ථානවලට හානි වන ඒවා සම්බන්ධයෙන් එතකොට මේ සාධාරණ සමාජය කා වෙනුවෙන්ද මේ පුරවැසි බලය කා වෙනුවෙන්ද යන ප්‍රශ්නය මතු වෙනවා” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad