සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ගෙදරත් මදුරු කීටයෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ගෙදරත් මදුරු කීටයෝ

සෞඛ්‍ය පරීක්‍ෂකවරු කළ පරීක්‍ෂණවලදී තමාගේ නිවෙසේද මදුරු කීට බෝවන ස්ථානයක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර මහතා පවසයි. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (06) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මදුරු කීට බෝවන ප්‍රදේශ හඳුනා ගැනීමේදී මහජනතාව ඒ පිළිබඳ සවිඥානක නොවුණහොත් එවැනි පරිශ්‍ර සිය ඇසින් මිදී යනු ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. මේ නිසාම මහජනතාව ඩෙංගු උවදුරින් මුදා ගැනීම සඳහා මදුරු මර්දන තුන් මාසයක් ක්‍රියාත්මක කරන බවත් එම තුන් මාසයේදී ප්‍රකාශයට පත් කෙරෙන තෝරාගත් දිනවලදී රටේ සියලු ජනතාව එකම වේලාවකදී මදුරු මර්දනය සඳහා සක්‍රියව දායක විය යුතු බවද හෙතෙම පැවසී ය.

එම ඩෙංගු මර්දන ජාතික වැඩසටහනේදී සියලු පුරවැසියන් මේ සඳහා කැපවිය යුතු බවත් සිංහල - හින්දු අලුත් අවුරුද්දට සිංහල හෝ හින්දු බැතිමතුන් එකම වෙලාවකදී අදාළ චාරිත්‍ර කරන්නා සේම සංස්කෘතික නොවූ මේ වැඩසටහනට සියලු පුරවැසියන් දැනුම්දෙන එකම වේලාවකදී දායක විය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය. එම අවස්ථාවේ මහ මඟ ගමන් කරන්නකු නම් ඒ අවට පවිත්‍ර කටයුතු කිරීමට එක්වන ලෙසද නිවෙසේ නම් නිවෙස ආශිර්වාද රාජකාරි කටයුත්තක නම් ඒ අවටද සිටින ඕනෑම ස්ථානයක සිට මේ කටයුත්තට දායක වන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad