ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්

පසුගිය සති අන්තයේ දිවුලපිටිය සහ කඩවත යන ප්‍රදේශවල පවුල් දෙකක් කතරගම වන්දනාවේ ගියහ. ඒ එම පවුල් දෙකේ තරුණයකුගේත් තරුණියකගේත් ළඟදී සිදුකිරීමට නියමිත විවාහ මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා කතරගම දෙවියන්ට බාරයක් වීම සඳහාය. 

එම විවාහපේක්ෂිත තරුණිය, තරණයා, ඔවුන්ගේ මාපියන්, සොයුරු සොයුරියන් ඇතුළු දාහතර දෙනෙක් එම වන්දනා නඩයට අයත්ව සිටියහ. මුලින්ම කතරගම කිරි වෙහෙර වැද පුදාගත් ඔවුහු ඉන් පසුව කතරගම දෙවොලට පැමිණ විවාහ මංගල්‍යයෙන් පසු ඔප්පු කිරීම පිණිස කතරගම දෙවියන්ට බාරයක් ද වූහ. ඉන් පසු මෙම පිරිස ආපසු රථ ගාල බලා එමින් සිටිය දී දෙවොලට වන්දනාවේ යන පිරිස් අතරේ සිටි තරුණයකු දුටු තරුණිය එක්වරම තිගැස්සුණාය. 

ඒ සමඟම ඒ තරුණයා ද තරුණිය දැකීමෙන් මහත් සතුටට පත්ව ඉදිරියට අවුත් ඇගේ දෑතින්ම අල්ලා ඇය තමන් වෙතට ළං කර ගත්තේය. ඔහු නව පරපුරේ ජනප්‍රිය ටෙලි නළුවෙකි.  එබැවින් කතරගම දෙවොලට වන්දනාවේ යන සෙසු බැතිමතුන්ද හැරි හැරී ඒ දෙස බලමින් යන්නට වූහ. තම විවාහ අපේක්ෂිත තරුණයා ඇතුළු ඔවුන්ගේ වැඩිහිටියන් ඉදිරියේ වූ මෙම සිද්ධියෙන් තරුණිය මහත් තිගැස්මකට ලක් වූ අතර “මේ මම මැරි කරන්න ඉන්න මහත්තයා; මේ එයාගේ අම්මා, තාත්තා”  ආදී වශයෙන් එම නළුවාට තමන් සමඟ ගිය කණ්ඩායම හඳුන්වා දෙන්නට විය.

“මෙයාව කවුරුත් දන්නවනේ; මේ මගේ හොඳම යාළුවෙක්; ඉස්සර අපි එකට ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා.” ඒ සමඟම නිදහසට කරුණු දක්වන්නාක් මෙන් එම තරුණිය තම අනාගත සහකරුට සේම තමන් සමඟ පැමිණි පිරිසට කීවාය. එතෙක් සාර්ථකව නිමවෙමින් තිබූ මේ වන්දනා ගමනේ සතුට එතැනින්ම නිමා විය. වාහනයෙන් බසින මොහොතේ පවා එම තරුණයා හෝ ඔහුගේ පාර්ශවයේ කිසිවෙක් එම තරුණියගේ මුහුණ දෙසවත් නොබැලූහ. වන්දනා ගමන නිමවීමෙන් පසු එම තරුණියගේ මවට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ තරුණයාගේ මවගෙනි.

“අපිට කොහොමත් කතරගම දෙවිහාමුදුරුන්ගේ පිහිට තියෙනවා; උන්වහන්සේට පින්සිද්ද වෙන්න තමයි අපේ ළමයා ඔය මර උගුලෙන් බේරුණේ; කතරගම දෙයියො ඔය නළු බට්ටව අපි ඉස්සරහට එව්වෙ නැත්තං අපේ කොල්ලට ගෙදර ගේන්න වෙන්නෙ මහපාරෙත් බයිස්කෝප් නටන ඉස්කුරුප්පුවක් තමයි.” තරුණයාගේ මව කෝපයෙන් කිව්වාය.

 “ඔයාලා ඕක ‍ඔච්චර ගණන් ගන්න එපා ඒ කොල්ලා අපේ දුවත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා;එච්චරයි.” තරුණියගේ මව කීවාය.

“ඔයාගේ දුව ඌත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරන්න ඇති; ඒත් ඔයාගේ දුවව බැඳගත්තොත් අපේ කොල්ලට කරන්න වෙන්නෙ ඩ්‍රාමා කෝස් එකක් නෙමෙයි අනාත කෝස් එකක්.” තරුණයාගේ මව දුරකතනය විසන්ධි කළාය.

එස්.ටී.පී සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad