අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට - අන්තරේ සුගතානන්ද හිමි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට - අන්තරේ සුගතානන්ද හිමි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ගෙන ඇති අතර ඔහු සමග තවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ජූලි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය නියෝග කළාය.

ඊයේ(22) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටි සුගතානන්ද හිමියන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. වරෙන්තු නැතිව ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට ඊයේ සවස පොලිසිය පැමිණි අතර ඊට සිසුහු විරෝධය දැක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad