"කරන්න ඕන එක කරනවා" - මංගල හිමිට අකිලගෙන් පිළිතුරක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

"කරන්න ඕන එක කරනවා" - මංගල හිමිට අකිලගෙන් පිළිතුරක් (VIDEO)

දඹුලු ලෙන් විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ අත්තනෝමතික ක්‍රියා පටිපාටිය කිසිසේත් අනුගමනය කළ නොහැකි බව අධ්‍යාපන හා සංස්කෘතික  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

විහාරාධිපති හිමියන් එල්ල කළ චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් මේ බව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. 2009 වසරේ සිට මේ දක්වා විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති අතර 2015 වසරටම පෙන්වා ඇත්තේ මිලියන 38ක් බවත් දළ වශයෙන් ගත් විට දවසක අදායම ලක්ෂ 35-80 පමණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මංගල ස්වාමීන් වහන්සේ දැනුම් දී ඇත්තේ දුෂණ ප්‍රශ්න ඇති බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත්ය. මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගත් බවත් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ බලය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලටත් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මංගල ස්වාමීන් වහන්සේගේ මිට මාස කිහිපයක පෙර තිබූ ස්ථාවරය වෙනස් වීම ගැටළු සහගත බවත් මෙය කිසිසේත්ම බෞද්ධාගමට හෝ ස්වාමීන් වහන්සේලාට කරන අපහසයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


  

No comments:

Post a Comment

Post Bottom Ad