පැටිස් එකෙන් රන් මුදුවක් මතුවෙයි - දැන් මුද්දේ අයිතිය කාටද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

පැටිස් එකෙන් රන් මුදුවක් මතුවෙයි - දැන් මුද්දේ අයිතිය කාටද?

ආහාර නිෂ්පාදන තුළ තිබී විවිධ දෑ හමු වූ පුවත් අප ඕනෑමතරම් අසා තිබෙනවා. කෙස්කැබලි, කැරපොත්තන් සහ වෙනත් මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ආහාර තුළ තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පවා ලොව පුරා බොහෝ ප්‍රචලිතයි. ඇතැම් බේකරිවල පාන් තුළට රන් කහවනුවක් දමා සකස් කර ඇති අතර, ඒවා මිලදී ගැනීමට ජනතාව වැලනොකැඩී පැමිණි බවට වූ සුරංඟනා කතා ද අප ඕනෑතරම් අසා තිබෙනවා.

එම සුරංඟනා කතා බොහෝ විට දුර ඈත බටහිර රටවල බේකරි සහ පාන් සමග සම්බන්ධ වී තිබුණා. එහෙත් අප මේ කියන්නට සූදානම් වන්නේ මඩකලපුව ප්‍රදේශයේ අලෙවි සලක තිබූ පැටිස් එකකින් රත්රන් මුද්දක් හමුවීම පිළිබඳවයි. රුපියල් 40 ක පැටිස් එක තුළ රුපියල් 60,000 කට පමණ අධික වටිනාකමකින් යුතු රත්රන මුද්දක් තිබී සොයාගැණුනා. 

පැටිස් එක ආහාරයට මිලට ගත් පුද්ගලයා තමාට ලබාදුන් ආහාරයේ දෝෂය පිළිබඳ රණ්ඩුකිරීමෙන් වැලකී මේ වන විට මුද්දේ අයිතියට රණ්ඩුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මුද්ද  කටට හැපුනු අවස්ථාවේම එය වටිනා රත්රන් එකක් බව දුටුවේ නම් පාරිභෝගිකයාට හෙමින්සීරුවේ වෙළෙඳසැලෙන් මාරුවීමට ද  ඉඩතිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad