කේන්දරයට හොරෙන් දුරකථනයෙන් අනූෂාට පෙම්වතා හම්බුන හෑට් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

කේන්දරයට හොරෙන් දුරකථනයෙන් අනූෂාට පෙම්වතා හම්බුන හෑට්

සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා  අපි ඔබට කියනවා. ඔබ කොහොමද අපේ අභියෝගය බාරගන්නේ?

“සතුට කියන්නේ හෘද සාක්ෂියට අනුව නිවැරදි දෙයක් කළ විට දැනෙන හැඟීම. අවංක සිතින් හොඳ දෙයක් කරලා නරක ප්‍රතිචාරයක් ලබන්න සිදුවුණාම දැනෙන හැඟීමට තමයි දුක කියලා කියන්නේ.


දශක එකහමාරක කලා දිවිය තුළ අනුෂා වඩාත්ම සතුටු වූ දවස මතකද?

ස්වර්ණවාහිනී නාලිකාව මෙහෙයවූ “ඩාන්සිං ස්ටාර්” තරගයේ කිරුළ දිනා ගත් දවස. ඒ අවස්ථාව උදා කරගත්තේ ගොඩක් බාධක මැද්දේ. ඒ හින්දා එදා සතුට වැඩියි.

කලා ජීවිතේ ඔබ අත් විඳි ලොකුම දුක මොකක්ද?

එක්තරා සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය මට හිමි වන බව දැනුම් දීමක් කළා. ඒ වසරේ මගේ චිත්‍රපට 7ක් තිරගත වුණා. ඒත් උළෙලට ගියාට පස්සේ සම්මානය හිමි වුණේ වෙනත් නිළියකටයි. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා.

පුද්ගලික ජීවිතේ අත් විඳි ලොකුම සතුට මතකද?

පහුගිය වෙසක් මාසේ බාප්පයි පුංචියි මරණයට නියම වුණ හරකෙක් නිදහස් කළා. මටත් ඒ වගේ පින් කටයුත්තකට දායක වෙන්න හිතුණා. මමත් අදාළ තැනට කතා කළා. ඒ වෙද්දී පැටියෙක් ලැබෙන්න ඉන්න එළදෙනක් මරණයට සූදානම් කරලා තිබුණා. ඉරිදා දවසේ තමයි ඒ එළදෙන මරන්න යොදාගෙන තිබුණේ. මම සෙනසුරාදා සල්ලි දීලා ඇයව නිදහස් කළා. පහුවදා පාන්දර එළදෙන පැටියව බිහි කළා. ජීවිත දෙකක් බේරා ගැනීමේ සතුට මම එදා අත් වින්දා. දැන් ඒ මවයි පැටවයි වෙනත් පවුලකට දීලා තියෙන්නේ. ඒ දෙදෙනා සතුටින් ජීවත් වෙනවා. ඒ දකින මොහොතක් ගානේ මම විඳින සතුට අප්‍රමාණයි.

පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම දුක මතක් කරන්න කැමතිද?

1999 දී මගේ සීයාගේ අභාවය සිදුවුණා. ඒ වියෝව තරම් දුකක් මගේ ජීවිතේ විඳලා නැහැ.

ආදරය ඔබට සතුටක්ද දුකක්ද?

හරියට තේරුම් ගත්තොත් ආදරය තරම් සුන්දර දෙයක් තවත් නැහැ. ඒ වගේම ආදරය තරම් ජීවිතයට සතුට රැගෙන එන දෙයකුත් ලෝකෙ තවත් නැහැ. ඒ වගේම තමයි නිවැරදිව වටහාගන්න බැරි වුණොත් ඒ ආදරය කඳුළක් විතරයි.

අනුෂා ආදරය හින්දා විඳි ලොකුම සතුට මොකක්ද?

දුරකථනයෙන් කතා බහ කරලා දැන හඳුනාගත් ඔහු පසුව හමුවීම, ඉන්පසු අපි පෙම්වතුන් වීම. ඒ සිද්ධි මාලාවම හරිම සුන්දරයි.

අනුෂා ආදරය හින්දා අත් විඳපු ලොකුම දුක සිහිපත් කළොත්?

අපි දෙන්නගේ කේන්දරවල ‍පොඩි ප්‍රශ්නයක් තිබුණා.  අම්මලා ඒ ගැන තදින් හිතුවා. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. පසුව අපි දෙන්නාම එකතුවෙලා ඒ දුක ජයගත්තා.

ඒ ආදරයේ සතුට විවාහයෙන් මල්පල ගැනෙන දවස කවදාද?

ළඟදීම...

ආරියවංශ කුලතිලක

No comments:

Post a Comment

Post Bottom Ad