ජනපති පාර්ලිමේන්තුව අසල ඉඩමක් අමරපුර මහා නිකායට පූජා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

ජනපති පාර්ලිමේන්තුව අසල ඉඩමක් අමරපුර මහා නිකායට පූජා කරයි

පාර්ලිමේන්තුව අසල පිහිටි පර්චස් 98 ක ඉඩම අමරපුර මහා නිකාය වෙත පූජා කිරීමට අදාළ ඔප්පුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ වෙත පූජා කරනු ලැබීය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කථතර බෝධි පරිශ්‍රයේ දී ඊයේ (25) පැවැත්විණි. අමරපුර නිකාය පිළිබඳ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය ද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවණීය මහා සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ පිළිබඳ දැඩි කණගාටුව පළ කරන අතරම එය වත්මන් සමාජය තුළ සිදුව ඇති දැවැන්ත පරිහානියක් ලෙස තමා සළකන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. නවීන තාක්ෂණය භාවිතා කළ යුත්තේ සමාජ ප‍්‍රගමනයට මිස කිසිසේත්ම සමාජයේ අයහපතට හෝ රට නොසන්සුන් කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. නවීන තාක්ෂණයත් සමග දිනෙන් දින පිරිහෙමින් පවතින සමාජය සන්සුන් කළ හැක්කේ බෞද්ධ දර්ශනය සමග බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා සමාජ ගැටලු බොහොමයකට බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තිබෙන බව ද කියා සිටියේය.

එමෙන්ම සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනගමින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන සන්සුන්, සාමකාමී සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් පෙරමුණ ගතයුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ දෙවිස්සක්වූ පාර්ශ්වයන්හි ගරුතර මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ඊයේ සිට ජූලි 03 වනදා දක්වා කළුතර කළුගගේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මය සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad