රෝහල් බිල ගෙවන්න ‘ආදරණීය ප්‍රින්ස්‘ ප්‍රසංගයට නිරෝෂා ඇතුළු ගායක ගායිකාවන් 28 ක් නොමිලේ ගී ගයති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

රෝහල් බිල ගෙවන්න ‘ආදරණීය ප්‍රින්ස්‘ ප්‍රසංගයට නිරෝෂා ඇතුළු ගායක ගායිකාවන් 28 ක් නොමිලේ ගී ගයති

පසුගියදා ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් වරට නැවතී සිටි නවලෝක රෝහලේ බිල රුපියල් ලක්ෂ 25 ක් වූ අතර එය ඉක්මණින් පියවන අටියෙන් ඔහුගේ දේහය නිදහස් කරගන්නට කටයුතු කර තිබුනි. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ප්‍රධානි කීර්ති පැස්කුවල් මහතා පසුව දන්වා සිටියේ එම බිල ගෙවීමට ප්‍රසංගයක් සූදානම් කරන බවයි.

ඒ අනුව ලබන ජූලි 14 වනදා මහරගම යොවුන් රඟහලේදී එම ප්‍රසංගය පවත්වන්නට සූදානම් කර තිබෙන අතර ඒ සඳහා ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් 28 දෙනෙකු ස්වේච්ඡාවෙන් නොමිලේ ගීත ගායනා කිරීම විශේෂිතය. එම ගායක ගායිකාවන් පහත පරිදිය. නිරෝෂා විරාජිනී,කීර්ති පැස්කුවල්, ටී එම් ජයරත්න, ආත්මා ලියනගේ, කරුනාරත්න දිවුල්ගනේ, එඩ්වඩ් සහ චරිතා,ප්‍රියා සූර්යසේන, රෝහණ බොගොඩ, මරියසෙල් ගුණතිලක,ජගත් වික්‍රම සිංහ, භාතිය හා සන්තුෂ්,උමාරියා,කසුන් කල්හාර, අමල් පෙරේරා, සමිතා මුදුන්කොටුව, සෝමසිරි මැදගෙදර,චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, නාමල් උඩුගම, මධු මාධව අරවින්ද, චන්දන ලියනාරච්චි, රොනාස් ද සිල්වා,ටිරෝන් මද්දුමගේ, චාමර වීරසිංහ, නෙලූ අධිකාරී, සහ ජානක වික්‍රමසිංහ.

No comments:

Post a Comment

Post Bottom Ad