තමන් නිවැරදිව වැඩක් කළොත් ඕනෑම තැනක ඉන්න පුළුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

තමන් නිවැරදිව වැඩක් කළොත් ඕනෑම තැනක ඉන්න පුළුවන්

නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන ඇය කෙටි කාලයක විවේකයකින් අනතුරුව නැවතත් තම ජීවිතය වූ නිරූපණය සහ රංගනය ආරම්භ කරමින් ‘සාරවිට' අප සමග කතාබහට එක්විය. ඇය ඉමේෂා දිසානායකයි.
 
ඔයා ගැන හැඳින්වීමක් කළොත්?
2017-06-22-ent-90මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි. මම රැකියාවක් කළා. ඒත් මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මම රැකියාවෙන් අයින් වුණා.
 
ඉමේෂා මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ මොන කාලේද?
මීට අවුරුදු දෙකකට විතර කලින්. මුලින්ම Music වීඩියෝ එකකට තමයි ආරාධනා ලැබෙන්නේ. ඒ Music වීඩියෝ එක හරහා තමයි මේ කේෂ්ත්‍රයට එන්නේ. ඒක තමයි මගේ මේ ගමනේ ආරම්භය.
 
ඔයා මේ ක්ෂේත්‍රය ගැන මොනාද හිතන්නේ?
වරදක් නෑ හොඳයි. මොන ක්ෂේත්‍රය උනත් සියයට සියයක් හොඳයි කියන්න බෑ. තමන් හරි විදියට ඉන්නවනම් ඕනෑම තැනක තමන්ගේ ගමන යන්න පුළුවන්.
 
මේ ක්ෂේත්‍රයේදී නිරූපණය සහ රංගනයේදී විවිධාකාර ආරාධනා ලැබෙනවා. ඉමේෂා කියන කෙනා මොන වගේ ආරාධනාද භාරගන්නේ?
මට Music විඩියෝවකට, ටෙලි නාට්‍යකට සහ commercial shoot එකකට ආරාධනා ලැබුනොත් මම මුලින්ම බලන්නේ මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක. ඒ එක්කම ඒ සඳහා ලැබෙන costumes ගැනත් බලලා තමයි මම ඒ ආරධනා භාරගන්නේ.
 
ඔයා මේ වෙනකොට Music video වලට හෝ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියනවද?
ඔව්. මම ප්‍රදීප් ජයන්ත අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘මිහිදුම් තරුණ' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වා. ඊට අමතරව Music විඩියෝ තුනකට රංගනයෙන් දායක වෙලා තියනවා.
 
ඔයාට උදවු කළ අය මතක් කළොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ එරංග පතිරණගේ අයියව. මොකද එයා තමයි මට මුලින්ම මේ ගමන යන්න උදවු කළේ. එයාගේ Music විඩියෝ සඳහා ආරාධනා කරලා. ඒකනිසා එරංග අයියව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ලසිත් අයියා සහ ප්‍රදීප් සමරකෝන් අයියව. ඒ දෙන්නා නිසා තමයි මට ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ දෙන්නවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ අම්මා. එයා මගේ හැමදේකටම මං ළඟින්ම ඉන්නවා. ඒ වගේම මගේ තාත්තා, නංගිවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.
 
සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව
 
2017-06-22-ent-80 2017-06-22-ent-81 2017-06-22-ent-82 2017-06-22-ent-83 2017-06-22-ent-84  2017-06-22-ent-86 2017-06-22-ent-88 2017-06-22-ent-89  2017-06-22-ent-91 2017-06-22-ent-92

No comments:

Post a Comment

Post Bottom Ad