ආශාවරී ගීතය මම හිතනවිදියට තවමත් ලංකාවේ නම්බර් වන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

ආශාවරී ගීතය මම හිතනවිදියට තවමත් ලංකාවේ නම්බර් වන්

ඔෂදී හිමාෂා අප රටේ දක්ෂ නිරූපිකාවක් බව කිව හැකිය. ශ්‍රී ලාංකික නාමය බොහෝ අවස්ථාවන් වලදී ජාත්‍යන්තර මට්ටම ගෙන ගිය අයෙකු ලෙසද ඇයව හැඳින්වීමට හැකියාව තිබේ. පසුගිය දිනවල එළිදැක්වූ "ආශාවරී" ගීතයත් සමග ඇය පිළිබඳව ආන්දෝලනාත්මක පුවත් බොහෝ ප්‍රමාණයක් මැවුණු බවද කිවයුතු වෙයි. මේ ඔවුන් දෙදෙනා සමග කරනු ලැබූ කතාබහයි.
 
කොහොමද මේ දිනවල වැඩකටයුතු?
මේ දිනවල වැඩකටයුතු සෑහෙන්න අඩාල වෙලා තියෙන්නේ. මම හිතෙන්නේ ගංවතුරත් එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග වැඩකටයුතු ගොඩක් අඩුවෙලා තියෙන්නේ. මේ දවස්වල Free එකේ ගෙදරට වෙලා ඉන්නවා.
 
ඔබ ව්‍යවසනයත් එක්ක ඔබ ඒ වැඩකටයුතු සඳහා දායක වුනාද?
මම ඒ වැඩකටයුතු සඳහා දායකවුනා. නමුත් මට බලන්න යන්න ලොකු අත්‍යවශ්‍යතාවයක් තිබුණත් යන්න විදියක් නෑ. මොකද ගෙදරින් යන්න දෙන්නේ නැහැ. අම්මලා චුට්ටක් බයයි යනවට. වෙන්න ඕන වැඩකටයුතු කළා. ආධාර ලබා දුන්නා.

ආශාවරී ගීතයත් සමග තව තවත් වීඩියෝ නිර්මාණය වුනා. ඉන් පසු රිචී සහ ඔබ යුවලක් වශයෙන් ප්‍රසිද්ධ වුන ගතියක් තියෙනවා නේද?
ආශාවරී ගීතය මම හිතනවිදියට තවමත් ලංකාවේ නම්බර් වන්, සුපර් හිට් එකක්. ඒ ගීතයත් සමග ක්ෂේත්‍ර‘යේ අපි දෙන්නාට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතුවලට අපි දෙන්නාව ගොඩක් සහභාගී කරගත්තා. අපිව වැඩකටයුත්තක් සඳහා දායක කරගත්තා නම් ඒ ආශාවරී ගීතයත් සමග තමයි.
 
ඔබ දෙපලම නිරූපණ ක්ෂේත්‍ර‘යේ යම් ස්ථාවරත්වයක් හදාගෙන තිබෙනවා. මේ පිළිබඳව මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. ආශාවරී වීඩියෝ එකට බැලපු සෑහෙන පිරිසක් හිටියා. ඒ දේවල් අඩුවෙද්දී වීඩියෝ එක ගැන කතා වෙන්නේ නැහැ. අද වෙද්දී ආශාවරී නම විතරයි හිට් වෙලා තියෙන්නේ. මට වීඩියෝ එක නිසා කිසිම නරකක් වුනේ නැහැ. හැමදේම හොඳට වුනේ. මම මගේම රිචිත් වීඩිටයෝ එක නිසා සෑහෙන්න හිට්වුනා කියලා මම හිතනවා. මම හිතන්නේ අපි ක්ෂේත්‍ර‘යේ යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මට සෑහෙන වැඩකටයුතු ප්‍රමාණයක් ලැබුණා. ඇත්තටම ඒ වීඩියෝ එක කරපු එක ගැන සතුටුයි.
 
ආශාවරී මේ යන රැල්ලට මුලපිරීමක්ද?
අද වීඩියෝවලට අඩ නිරුවත් රඟපෑම, සිපගැනීම් හෝ ලිංගික දර්ශන ඇතුලත් වීම රැල්ලක් වෙලා තියෙනවා. අපි වීඩියෝ එකකින් සිපගැනීම් දකින්න පුළුවන්. වරදක් නැහැ. මම පාවිච්චි කරපු ඇඳුමෙ ඇත්තටම ඇති දෙයක් නැහැ. ලංකාවේ මිනිස්සු කොච්චර බැන්නත් හොඳට බලන කෙනෙකුට වීඩියෝ එකෙන් ගන්න තියෙන්නේ ආදර්ශයක් හෝ පාඩමක් මිසක් වීඩියෝ එකේ බනින්න දෙයක් මම දකින්නේ නැහැ. ඊට පස්සේ වීඩියෝස් හැදුනා. මම දන්නේ නැහැ මොන බලාපොරොත්තුවකින් ඒවා හැදුනාද කියලා. අපේ වීඩියෝ එක කතාකළොත් ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නේ සමාජයට දෙන පණිවුඩයක්.

පසුගිය කාලේ නිරූපණ අංශයේ විවිධ සම්මාන ලබා ගැනීමේ තරග තිබුණා. ඒ සඳහා දැන් දායක වෙන්නේ නැද්ද?
මට ආයෙමත් රට නියෝජනය කරන්න හොඳ අවස්ථාවක් ලැබුනොත් මම කරනවා. මොකද දැන් ලංකාවේ Pageant කියන දේ සෑහෙන්න තියෙනවා. දැන් ලංකාවේ Pageant කිසිම Level එකක් නැති තැනට ඇවිල්ලා. අපි දන්නෙත් නැති අහලත් නැති Pageant තියෙනවා. ඒ දේවල් එක්ක මම හිතාගත්ත දෙයක් තමයි ලංකාව නියෝජනය කරන්න හොඳ Pageant එකක් ආවොත් කරනවා ඇරෙන්න ආයෙමත් Pageant වලට දායක වෙන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ.
 
ලංකාවේ ගොඩක් ක්ෂේත්‍ර‘යේ නවකයින් බිහිවෙනවා. සමහර අය දන්නෙත් නැති කිරුළු අරන් ඇවිත් ඒ ගැන කියලා ප්‍රසිද්ධ වෙනවා. ඒක ක්ෂේත්‍රයට හානියක් වෙන්නේ නැද්ද?
අනිවාර්යෙන්ම හානියක් වෙනවා. අපේ කාලයේ තිබුන ප්‍රමිතිය දැන් නිරූපණ ක්ෂේත්‍රය තුළ නැහැ. ඒක විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒකට මූලිකම හේතුව ක්ෂේත්‍ර‘යේ නවකයින් බිහිවීම. ලස්සනයි ටිකක් උස තියෙනවා, පොටෝ ශූට් එකක් කළ පලියට මොඩ්ල්ස් කෙනෙක් කියලා ඒ අය කියනවා. කිසිම දැනීමක් නැති ක්ෂේත්‍ර‘යේ කිසිම දැනීමක් නැති National Directorsලාත් දැන් බිහිවෙනවා. ඒ දේවල් එක්ක Pageant වගේම ලංකාවේ ක්ෂේත්‍ර‘යත් සෑහෙන්න පරිහානියකට පත්වෙලා තියෙනවා. මොකද දැන් මේක බිස්නස් එකක් කරගෙන ඉන්නේ. ලංකාව තුළ ක්ෂේත්‍රය අගාධයට යන්න ඒක තමයි හේතුවෙලා තියෙන්නේ.

වෘත්තීය වශයෙන් නිරූපණයේ යෙදෙන අයට මින් හානියක් වෙන්නේ නැද්ද?
අනිවාර්යෙන් හානියක් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපට වෙළෙඳ දැන්වීමකට හෝ මියුසික් වීඩියෝවකට හෝ මනාලියන් දැක්මකට මූල්‍යමය වටිනාකමක් දෙන්න බැහැ. මොකද ලංකාවේ ආර්ථිකය පහල මට්ටමක තියෙන්නේ. ඒ තත්ත්වයත් එක්ක මිනිස්සු බලන්නේ පහල මූල්‍යමය වටිනාකමකට Modelsලා ඒ සඳහා ලබා ගන්න. ඒ වගේම වැඩකටයුතු සඳහා නොමිලේ දායක වන Modelsලාත් ඉන්නවා. ඒ දේවල්වලින් වෘත්තීමය නිරූපණ ශිල්පිණියන්ට ලොකු හානියක් වෙලා තියෙනවා සහ වෙනවා.
 
ඉදිරියේදීත් මේ දේවල් මේ විදියටම සිදුවේවිද? නිරූපන ක්ෂේත්‍ර‘යේ ප්‍රමිතියක් නැතිවෙයිද?
ඔව්, ඒ දේවල්වල වැඩි වීමක් මිසක් ඒ දේ අඩුවීමක් මම දැකලා නැහැ. මේ දේ දිගටම මේ විදියට ගියොත් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය හිතාගන්නවත් බැරි විදියට පරිහානියට පත්වෙනවා. මේ යන විදියට ගියොත් ක්ෂේත්‍රයට තියෙන තැන (චාටර්) නැති වෙලා යනවා.
 
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඔෂදී හිමාෂා Facebook Page




 

No comments:

Post a Comment

Post Bottom Ad