ලෝක ජනගහනය තවත් කෝටි සියයකින් ඉහළ යන හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

ලෝක ජනගහනය තවත් කෝටි සියයකින් ඉහළ යන හැටි මෙන්න

තවත් වසර 13කින් ලෝක ජනගහනය කෝටි සියයකින් ඉහළ යන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඒ අනුව 2030 වසරේ දී ලෝක ජනගහනය බිලියන 8යි දශම 6ක් වන බවයි එක්සත් ජාතීන්ගේ වාර්ෂික ජනගහන සමීක්ෂණ වාර්තාව සදහන් කරන්නේ.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.6ක්. 2050 වසර වන විට ලෝක ජනගහනය බිලියන 10කට ආසන්න වනු ඇති බව සදහන්. මේ වන විට වැඩිම ජනගහනයක් සිටින්නේ චීනයේ වුව ද එය ඉදිරි වසර 7 ඇතුළත දී වෙනස්වනු ඇති බවත්, එම වාර්තාවේ සදහන්. ඒ අනුව ලෝකයේ වැඩිම ජනගහනය සිටින රට බවට පත්වන්නේ ඉන්දියාවයි. එමෙන්ම මේ වන විට ජනගහනයේ 7 වන ස්ථානයේ සිටින නයිජීරියාව අමෙරිකාව අභිබවා යමින් තෙවන ස්ථානයට පත් වනු ඇති බවට වාර්තා වනවා.

අදාළ වාර්තාව රටවල් හෝ ප්‍රදේශ 233ක ජනගහන දත්ත ආශ්‍රයෙන් සකසා තිබෙනවා. 2050 වන විට ලෝක ජනගහනයෙන් භාගයක් අප්‍රිකානු රටවල ජනතාව හිමි කර ගනු ලබන අතර ඉදිරි දශක කිහිපය තුළ දී යුරෝපයේ ජනගහන වර්ධන වේගය ද ක්‍රමයෙන් අඩු වනු ඇති බවටයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad