කොටට ඇන්දට අපි නරක නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

කොටට ඇන්දට අපි නරක නෑ

ඔයා කවුද...?
මම උදාරි මහේෂිකා. මම ඉන්නේ කටුනායක. පුංචි කාලේ ඉස්කෝලේ ගියේ මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලටයි. මම දැන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. 


කොහොමද නිරෑපණ ක්ෂේත්‍රයට යොමුවුණේ?
පුංචි කාලේ ඉඳන්ම මම හරි ආසයි නිරූපණ ක්ෂේත්‍රයට. පුංචි කාලේ පැය ගණන් කණ්ණාඩිය ළඟට වෙලා හැඩ බලනවා. මොඩ්ල් කෙනෙක් වගේ එහාට මෙහාට ඇවිදිනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මොඩ්ල් කෙනෙක් වෙන හීනය තිබ්බා.
 
ඒ හීනය හැබෑ වුණේ කොහොමද...?
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම මේ ෆීල්ඩ් එකට ආවා. මුලින්ම මීගමුවේ තිබුණ ෆැෂන් ෂෝ එකකට සහභාගි වුණා. ඒකෙන් පස්සේ දිගටම මට ආරාධනා ලැබුණා. එහෙම නැතිව මේ දේවල් කාගෙන්වත් ඉගෙන ගෙන නෑ. මම හැමදෙයක්ම තනියම තමයි ඉගෙන ගත්තේ.
 
නිරූපණ ශිල්පිනියක් විදිහට හැම විලාසිතාවක්ම උදාරි කරනවාද?
අද නිරූපණ ශිල්පිනියක් දිහා බොහෝ දෙනා බලන්නේ අමුතු විදිහකටනේ. මම මට ගැළපෙන විලාසිතා කරනවා. කොටට අඳින්නේ නෑ කියලා මම කියන්නේ නෑ. මට ගැළපෙන ඇඳුම් මම අඳිනවා.

 
ඇයි එහෙම වෙන්නේ....?
අනේ මන්දා. බොහෝ දෙනා කියන්නේ නිරූපණ ශිල්පීන් බොහොමයක් වැරදි කරනවා කියලනේ. ඒත්... එහෙම වැරදි වැඩ කරන්නේ නිරූපණ ශිල්පිනියන්මද කියලයි ප්‍රශ්නේ. කෙනෙක්ට වැරැද්දක් කරන්න නිරූපණ ශිල්පිනියක් වෙන්නම ඕනේ නෑ. අඳින බලන විදිහෙන් සමාජයේ අනිත් අය එක්ක සුහදව කතාකිරීමෙන් බොහෝ දෙනෙක් නිරූපණ ශිලිපිනියන්ව දකින්නේ වැරදියට.
 
මේ වෙනකොට නිරූපණ ශිල්පිනියකට අමතරව වෙනත් රැකියාවක උදාරි නිරත වෙනවාද...?
නෑ... මම වෙනත් රැකියාවක් කරන්නේ නෑ.
 
උදාරිට රඟපෑමට ආරාධනා ලැබිලා නැද්ද...?
ආරාධනා නම් කීපයක්ම ලැබිලා තියෙනවා. ඒත් මම ඒ එකක්වත් බාර ගත්තේ නෑ. මම ඉස්කෝලේදීවත් රඟපාලා නෑ. මට රඟපාන්න පුළුවන්ද බැරිද කියලවත් මම දන්නේ නෑ. නිරෑපණය සහ රංගනය කියන්නේ දෙකක්. දැන් බොහෝ අය සින්දුත් කියනවා. නිරෑපණ ක්ෂේත්‍රයේත් ඉන්නවා. රඟපානවා. ඒත්... මම පෞද්ගලිකව ඒ දේට ආස නෑ. ඒ නිසා මම සුපුරැදු විදිහට නිරෑපණ කටයුතු විතරක් කරගෙන ඉන්නවා.
 
බොහෝ මොඩ්ලින් කරන ගෑනු ළමයි ක්ලබ් යන්න පුරුදු වෙලා....
මෙහෙමයි. මෙඩ්ලින් කරන අය විතරක් නෙමේ ඔහොම ක්ලබ් යන්නේ. මොඩ්ලින් කරන කෙනෙක් හරිම සුවිශේෂී චරිතයක්. ක්ලබ් එකකට ගියොත් ඒ ක්ලබ් එකේ ඔක්කොම ගෑනු ළමයි මොඩ්ලින් කරන අය නෙමේ. ඒත්... සමස්තයක් විදියට ඇඟිල්ල දිගු වෙන්නේ අර මොඩ්ලින් කරන අයට විතරයි. ඒක හරිම වැරදි අදහසක්නේ. මිනිස්සු හිතන සහ දකින විදිහ නිසයි එහෙම මතයක් ගොඩනැගිලා තියෙන්නේ.

 
ගීත රූප රචනාවලට උදාරිට අවස්ථාවක් ලැබිලා නැද්ද?
ඒ වගේ ඒවාට නම් අනන්තවත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒත්... ඒ එක දෙයක්වත් මම බාරගත්තේ නෑ. මම ඒවාට ආස නෑ. මම ආස මොඩ්ල් සහ ඡායාරෑප ශිල්පයට විතරයි.
 
මොනවද තියෙන බලාපොරොත්තු?
ලංකාවේ මොඩ්ල් කෙනෙක්ට ඉස්සරහට එන්න තියෙන අවස්ථා අඩුයි. අද වෙද්දී ෆොටෝ ටිකක් ගත්ත ගමන් ඕනෑම කෙනෙක් හිතාගෙන ඉන්නේ මොඩල් කෙනෙක් කියලා. ඒත්... මොඩ්ල් කෙනෙක් වෙන්න හැමෝටම බෑ. ඉතින් බලාපොරොත්තුව නිරෑපණ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්නයි.
 
නිරෑපණ ශිල්පිනයක් වෙන්න මොනවද තියෙන්න ඕනේ....?
අද වෙද්දී සින්දු කියන අය නිරෑපණ ශිල්පයට එනවා. රඟපාන අය නිරෑපණ ශිල්පයට එනවා. ඒත්... ඒක හරියන දෙයක් නෙමේ. තමුන්ට ගැලපෙන දේ තමුන් මුලින් හොයාගෙන යන්න ඕනේ. මොඩ්ල් කෙනෙක් කියන්නේ එකපාර කෙනෙක් දැක්කොත් ආයේ ඒ කෙනා දිහා බලන්න ආකර්ෂණයක් ඇය සතුව තියෙන්න ඕනේ. ඇයට හොඳ උසක්, උසට ගැළපෙන ශරීරයේ හැඩයක් තිබිය යුතුයි. මුහුණේ සුන්දරත්වයට වඩා ඒ ඇඟට ගැළපෙන උසක් තිබීම වැදගත් වෙනවා.
 
Text – Jayamali / Pic - Malaka


      

No comments:

Post a Comment

Post Bottom Ad