රොෂාන් ප්‍රනාන්දු පදින සුපිරි කාර් එක සහ තවත් තරු පදින සුපිරි වාහන මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

රොෂාන් ප්‍රනාන්දු පදින සුපිරි කාර් එක සහ තවත් තරු පදින සුපිරි වාහන මෙන්න



    
මං ගොඩක් ගමනට පාවිච්චි කරන්නේ මර්සිඩීස් බෙන්ස් GLA 200 රතු පාට එකක්. මුලින්ම පෙරුම් පුරලා ගත්තේ CRZ හොන්ඩා කාර් එකක්. මං ගොඩක් ට්‍රයි කරන්නේ කවදාහරි පෝස් 911 කාර් එකට. මොන වාහන තිබුණත් කන්න සල්ලි නැති වුණොත් ඒවා විකුණනවා.

අනුෂා දමයන්ති


මම එදිනෙද ගමන්වලදී පාවිච්චි කරන්නේ ඩාන්සින් ස්ටාස් දිනපු කයිරොන් මෙරුන් පාට ජීප් එක. තෑග්ගක් විකුණන්න බෑනේ. ඉතින් තාම ජීප් එක පදිනවා. මගේ ඩ්‍රීම් එක වෙන්නේ තවත් අලුත් ජීප් එකක්. ලොකු ජීප් පැදලා පොඩි එකකට යන්න අමාරුයි. ජීප් එකට කලින් මට තිබුණේ ඩියොස් කාර් එකක්.


රොෂාන් රණවක


මට තියෙන්නේ හොන්ඩා Vezel එකක්. 2014 මම පැදපු හොන්ඩා ඉන්සයිට් එකට පස්සේ මේ වාහනය තෝර ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ෂූටින්වලට වගේම දුර ගමන් යන්නත් මට Vezel ලොකු උදව්වක් වෙනවා.


උදය ශ්‍රී


මම ගොඩක් කැමති  මිට්සුබිෂි ලාන්සර් කාර්වලට. දැන් පාවිච්චි කරන්නේ මිට්සුබිෂි ලාන්සර් කළු පාට කාර් එකක්. 2006 අවුරුද්ද වෙනකන් මම පාවිච්චි කළේ හොන්ඩා සිවික් වාහනයක්. ඒ වාහනය විකුණද්දී මට දුක හිතුණා. ලාන්සර් වාහනේ තියෙන කාලේ මතක සටහන් ගොඩක් තියෙනවා. මගේ වයිෆ් වගේම පුතත් ලැබුණේ ඒ වාහනය තියෙන කාලේදී. මට ඩ්‍රීම් වෙහිකල් එකක් තියෙනවා. ඉස්සර ඉඳන්ම මම නයිට් රයිඩර් කාර් එකට ආසයි.



අපි තරු. ඉතින් තරුවලට හොරු වගේ ඉන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ BMW 520 සුදු පාට කාර් එකක්. අපි අඳින, පළඳින දේ වගේම වාහනේ ගැනත් ගොඩක් හොයලා බලන්න කැමතියි. ඒ කොහොම වුණත් මේ වෙලාවේ මගේ ආදරණිය රසිකයන්වත් මම මතක් කරනවා.


ගයාත්‍රි ඩයස්


මට තියෙන්නේ Vezel සුදු පාට කාර් එකක්. ඒක අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මේ මගේ අට වැනි කාර් එක. සාමාන්‍යයෙන් මම අවුරුදු තුනකට වඩා වාහනයක් තියාගන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම තාමත් කැමති කළින් තිබුණු ඇලියොන් 250 එකට. ඒක මාව කවදාවත් රස්තියාදු කළේ නැහැ. ලබන අවුරුද්දේ පැට්‍රොල් ජීප් එකක් ගන්න හිතන් ඉන්නවා.


ජනයුගය – 2017-06-18

No comments:

Post a Comment

Post Bottom Ad