කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්


කටාර් අවුල නිසා 
තානාපති ඒඑස්පී කලබලෙන්
රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්

කටාර් රාජ්‍යය සමග සබඳතා පැවැත්වීම අත්හිටුවමින් ඊයේ අරාබි රටවල් ගණනාවක්  ගනු ලැබූ තීරණය නිසා කටාර් දේශයේ වාසය කරන එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න ශ්‍රී ලාංකික පිරිස අවිනිශ්චිත තත්වයකට මුහුණදී තිබේ. කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පීකොක් මන්දිරය නිසා ප්‍රසිද්ධියට පත් ඉඩකඩම් ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ
මහතාය.


ඊයේ සිට ඔහු කාර්ය බහුලවී තිබෙන අතර සතර අතින් එන දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින් ඔහු තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදෙන්නට යුහුසුළු වී ඇත.

කටාර්හි මේ වනවිටත් ආහාර හිඟයක ලකුණු පහළවී ඇති බවට විදෙස් වාර්තා පෙන්වාදෙන අතර මුළුමණින්ම පාහේ විදෙස් ආහාර නිෂ්පාදන මත යැපුණ රටක් වන බැවින් සුපිරි වෙළෙඳසල්වල ආහාර හිඟයක් ඉක්මණින් මතුවනු ඇතැයි අනතුරු ඇඟවීම් තිබේ.

ඇතැමුන් තොග වශයෙන් නිවෙස් වලට ආහාර ද්‍රව්‍ය ගෙනයාම නිසාද ඇතැම් පාරිභෝගිකයින් අසීරුතාවයට පත්ව ඇතැයි කියැවේ. කටාර් රියාල් ලංකාවේදී මාරු කිරීමට අපහසු තත්වයක් පැය කිහිපයකට ඇතිවූ බව කටුනායක ගුවන් තොටුපළින් වාර්තාවූ අතර පසුව එය වෙනස්වී ඇත.
දැනට රියාල් 1000 සීමාවට යටත්ව කටාර් මුදල් හුවමාරු කරන බව ගුවන්තොටුපළ දන්වා ඇත.

ශ්‍රී ලාංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා කටාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවට යාමේදී ඩොලර් රැගෙන යාමට කටයුතු කරන ලෙසය.

No comments:

Post a Comment

Post Bottom Ad