ෆ්‍රයිඩ් රයිස්වල රසකාරක නිසා ජනතාව රෝගී වෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ෆ්‍රයිඩ් රයිස්වල රසකාරක නිසා ජනතාව රෝගී වෙනවා

අද වන විට විධිමත් ආහාර ප්‍රතිපත්තියක් සහ ජනතාවට වස විසෙන් තොර ආහාර සැපයීමට සැලසුමක් නොමැති බව හා හෝටල්,ආපනශාලාවලින් ජනතාවට සැපයෙන ආහාර තුළින් ජනතාව රෝගීන්  බවට පත්වන තත්වයක් තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් නොතිබුණේ නම් රට ගැටළුවකට පත්වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ එම සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම විධිමත්ව ක්‍රියාත්මක වේදැයි පරික්ෂාවට රාජ්‍ය ආයතන පිහිටුවා තිබෙන බවත් සෑම පළාත් පාලන ආයතනයකටම අයත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සේවයේ යොදවා සිටින බවත්ය.

සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම සේවාව නිවැරදිව ඉටු කරන්නේ නම් රටේ අපිරිසිදු ආහාර සපයන ආපනශාලා හා අවන්හල් බිහි වන්නේ නැති බවත් නිතරම එම අවන්හල් පරික්ෂා කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. ෆ්‍රයිඩ් රයිස්වල භාවිත කරන බත් දින කිහිපයකට පෙරදී පිසින ලද ඒවා ද යන්නත් යොදාගනු ලබන කුළු බඩු වර්ග,වර්ණ,රසකාරක හා ඒවා දමන භාජන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරික්ෂාවට ලක්විය යුතු බවත් අසේල මහතා පැවසීය.

මේ හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාව අපමණ රෝගවලට ගොදුරුවන බව ඔහු තවදුරටත් සඳහන් කරයි.සෑම හෝටලයකම,අවන්හලකම,ආපන ශාලාවකම රාජකාරී පොතක් තැබීමට රජය කටයුතු කරන්නේ නම් මෙම අපිරිසිදු ආපනශාලා සංස්කෘතිය මෙරටින් තුරන් කළ හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

No comments:

Post a Comment

Post Bottom Ad