ඒ 9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමි නමක් අපවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ඒ 9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමි නමක් අපවත් වෙයි

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමි නමක් අපවත් වී ඇත. එම අනතුරින් රියදුරු ද ජීවිතක්ෂයට පත්වී ඇති අතර තව 7දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය කියා සිටියේය.

වව්නියාව පෙරිය උළුක්කුලමේ සිට ඊයේ (15) පස්වරු 6ට පමණ මැදවච්චිය දෙසට භික්ෂුන් වහන්සේ නමක් ත්‍රීරෝද රියකින් මැදවච්චිය දෙසට ගමන් කර ඇති අතර මැදවච්චියේ සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටි වෑන් රථය ත්‍රීරෝද රථය හා මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බව පොලීසිය තව දුරටත් සඳහන් කළේය.

මේ අනතුරින් අපවත් වී ඇත්තේ 36 හැවිරිදි පරන හල්මිල්ලෑවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් වන අතර මියගිය ත්‍රීරෝද රථ රියදුරු 37 හැවිරිදි චමින්ද ධර්මසේන නැමැත්තා බව වාර්තා වේ. අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවට මැදවච්චිය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි-රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad