විනාශයක් කරන්න හදපු දෙහිවල තට්ටු 8ක සුපිරි බිල්ඩිම කුඩේ කුඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

විනාශයක් කරන්න හදපු දෙහිවල තට්ටු 8ක සුපිරි බිල්ඩිම කුඩේ කුඩු

දෙහිවල ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද මහල් නිවාසයක් කඩා ඉවත් කිරීම සඳහා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නාගරික සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙන ලදී. දෙහිවල ඇල්බට් පෙදෙසේ ඉදිකර තිබු මහල් අටක ගොඩනැඟිල්ලක් මෙලෙස කඩා ඉවත් කිරීමට තීරණය ලබාදුණි.

මෙම මහල් නිවාසයේ මහල් හතරක් ඉදිකිරිම සඳහා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ලබා ගෙන ඇත. තවත් මහල් 4 කට අවසර නොගෙන එහි මහල් අටක් ඉදිකරන බවට ප්‍රදේශවාසීහු විසින් දෙහිවල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීම සඳහා ගල්කිස්ස අධිකරණයෙන් නාගරික සංවර්ධන අධිකාරියට නියම කර තිබිණ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණයේ පෙනී සිටින ලෙස අයිතිකරුවන්ට සහ ඉදිකිරීම් සමාගමට නියෝග කර තිබූ අතර ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළේය. නාගරික සංවර්ධන අධිකාරිය අධිකරණයට කරුණු දක්වමින් මෙම ගොඩනැඟිල්ල ප්‍රමිතියෙන් තොරව අනවසරයෙන් මහල් අටක් දක්වා ඉදිකර ඇති බවත් එය කඩා ඉවත් කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම අනවසර ඉදිකිරිම හේතුවෙන් අගතියට පත් පාර්ශව වෙනුවෙන් නීතිඥ තරංග ද සිල්වා, වරුණ ජයසිංහ, ගීත්ම ප්‍රනාන්දු යන මහත්වරු කරුණු දක්වමින් මෙම ඉදිකිරිම හේතුවෙන් පවුල් අටකට පමණ කරදරයක් සිදුව ඇති බවත් ඔවුන්ගෙ නිවාසවලට ද හානි සිදුවී ඇති බවත් පැවසුහ.
ආනන්ද වීරසුරිය, ගල්කිස්ස – දිලංගා රුවන්දි ගෝමස්
(ජනයුගය)

No comments:

Post a Comment

Post Bottom Ad