ඉන්දීය තරුණියක් ගමන් කරන වාහනයක් තුළ පැය 5 ක් තිස්සේ සමූහ දූෂණය කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ඉන්දීය තරුණියක් ගමන් කරන වාහනයක් තුළ පැය 5 ක් තිස්සේ සමූහ දූෂණය කරලා

පසුගිය කාලයේ සමූහ දූෂණ සිද්ධි නිසා ලෝකයේම අවධානයට ලක්වූ ඉන්දියාවේ ඊයේ තවත් අවාසනාවන්ත සිද්ධියක් නව දිල්ලියේ නොයිඩා ප්‍රදේශයෙන් වාර්තාවී ඇත.

ඊයේ සඳුදා රාත්‍රී 8.30 ට පමණ සිය නිවස අසළ මහමග ගමන් කරමින් සිටි තරුණියක බලහත්කාරයෙන් වාහනයකට නංවාගෙන වාහනයේ සිටි පිරිසක් ඇයට වරින්වර අතවර කර තිබෙන්නේ වාහනය පාරවල් දිගේ ගමන් කරමින් සිටින අතරවාරයේය. පසුව ඇයව පාන්දර 4 ට පමණ වාහනයෙන් ඉවතට තල්ලු කර දමා එම පිරිස පළාගොස් තිබේ.

මෙම තරුණිය රාජස්ථාන් ප්‍රාන්තයේ  තරුණියක වන අතර

රැකියාවක් සඳහා නවදිල්ලිය වෙත පැමිණ ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරයි. නව නිවසේ ඇය ඇගේ පවුලේ උදවිය සමග වාසය කරමින් සිටියදී කිසියම් අවශ්‍යතාවයකට ඊයේ සන්ධ්‍යා කාලයේ අසළ කඩමණ්ඩියකට යමින් සිටියදී මෙම අනපේක්ෂිත අත්දැකීමට මුහුණපා ඇත.

වාහනයේ 3 දෙනෙකු සිටි බවත් ඔවුන් පැය 5 කට ආසන්න වේලාවක් වරින්වර පසුපස ආසනයට පැමිණෙමින් තමාට අතවර කළ බව ඇය පවසා ඇත. ඇයව තල්ලු කර දමන ලද ස්ථානයේ දී ඇය හඩමින් කෑගසා උදව් ඉල්ලූ පසුව අසල්සීන් ඇයව රෝහල් ගත කර තිබුණි. පසුව ඒ සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කර තිබුණි.වාහනයෙන් ඉවතට දැමූ ස්ථානයේ බියර් ටින් කිහිපයක්ද පොලිසියට හමුවී ඇත. අධික කළුවර සහිත තැනකදී ඇයව අත්හැර දැමූ බවත් වාහනය හඳුනාගත නොහැකි බවත් ඇය පවසා ඇත. පොලිසිය CCTV ඔස්සේ හොඩුවාවන් සෙවීමට පරීක්ෂණ අරඹා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad