ලෝකයෙම ආදරය දිනාගත්ත ඩයනා කුමාරිය ගමන් ගත් මෝටර් රථය මාර්ග අනතුරකට පත්වීම නිසා 1997 වසරේ ප්‍රංශයේ උමං මාර්ගයක් අසලදි ඇය ජීවීතක්ෂයට පත්වුණා. අනතුරුව එම අනතුර අභිරහස් මිනිමැරුමක් බවත් සැකයක් සහ රාවයක් පැතිර ගියද එය නිශ්විත වශයෙන් තහවුරු කිරිමට හැකිව තිබුනේ නැහැ.
නමුත් ඩයනා කුමරිය මියගිහින් වසර 20ක් සපිරෙනවාත් සමග ඇයගේ මරණය ඝාතනයක් බව ලොවටම එලිකිරිමට පුද්ගලයෙක් සාක්ෂි දැරිමට ඉදිරිපත්ව සිටිනවා. ඒ බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශයේ නිලධාරියෙකු වන John Hopkins නැමැත්තායි. මේ වන විට 80 වැනිවියේ පසුවන මෙම නැනැත්තා දැඩිලෙස අසද්‍යව රෝහල් ගත කර සිට රෝහලෙන් මුදාහරින අවස්ථාවේ අනාවරණය කර ඇත්තේ තමන් විසි වසරකට පෙර තමා ඩයනා කුමාරිය ඝාතනය කල බවයි.
බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ පාර්ශව මර්දනය සහ රජපවුලේ ආරක්ෂාව තහවුරු කිරිමේ නිලධාරියෙකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කල බව බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා. වසර 38ක් පුරා බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කල john hopkins නැමැත්තා එලිකරන්නේ තමා විසින් කාන්තාවක් ඝාතනය කල පලමු අවස්ථාව ඩයනා කුමරියගේ ඝාතනය බවයි. ඩයනා කුමරියගේ ඝාතනය සදහා අණදෙනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වන පිලිප් කුමරු බවට මෙම පුද්ගලයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ රජ කුමරියක ලෙස ඩයනා කුමරිය සතුව රජ පවුලේ රහස් රැසක් පැවතිම මෙම ඝාතනයට මුල්වු බවයි ජේම්ස් හෝප්කින්ස් එලිකරන්නේ. මහ රැජින සහ රජ පවුල වෙනුවෙන් තමන්ට මෙම අණට එකගවීමට සිදුවු බව මෙම නැමැත්තා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශකොට තිබෙනවා. ඩයනා කුමරියගේ මරණය සිදුවු රිය අනතුර සිතාමතාම සැලසුම් සහගතව සිදුකල ලද්දක් බවයි john hopkins විසින් එළිකර තිබෙන්නේ.
යම් හෙයිකින් ඩයනා කුමරිය ජීවත්ව සිටියේනම් බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් රැසක්ම ලෝකයටම එලිවීමේ අවදානමක් පැවති බවද ප්‍රකාශ වනවා. එසේම මාර්ග අනතුරකට ඇය ලක්කිරිමෙන් පසුව රෝහල් ගතකිරිම සිතාමතාම ප්‍රමාද කිරිමෙන් ඩයනා කුමරියගේ මරණය ඉක්මන් කල බවයි අපරාධකරු පවසන්නේ.මෙම අනාවරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කැළඹීමක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ. ඒත් කිසිවෙකු මේ සම්බන්දයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නෑ.
Saturday, June 24, 2017
20 වසරකට පසු ඩයනා කුමරියගේ මිනීමරුවා හෙළිවෙයි (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment