UPDATE: ආපදා හේතුවෙන් කළුතර මිය ගිය සංඛ්‍යාව ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

UPDATE: ආපදා හේතුවෙන් කළුතර මිය ගිය සංඛ්‍යාව ඉහළට

ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මිය ගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මිය ගිය පුද්ගල සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, තවදුරටත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 88ක්. එමෙන්ම, රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, කොළඹ, ගම්පහ, කෑගල්ල, මාතලේ, මහනුවර, වව්නියාව, මුලතිව්, මඩකළපුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල පවුල් එක් ලක්ෂ විසි අට දහස් පන්සිය අසූ හය ක් පීඩාවට පත්ව සිටිනවා.


ඒ අනුව, පීඩාවට පත්ව ඇති පුද්ගලයින් හාර ලක්ෂ  හැත්ත එක් දහස් පන්සිය හතළිස් දෙකක්. එමෙන්ම පීඩාවට පත් වූ පුද්ගලයින් 75, 236 දෙනෙකු ආරක්ෂිත  ස්ථාන 336 ක රඳවා ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර, දිස්ත්‍රික්ක 8 ක් සඳහා නිකුත් කර ඇති  නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනු ඇති. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, ක`ඵතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවධානමක් පවතින බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad