ISIS ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා වේදනා නාශක යවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

ISIS ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා වේදනා නාශක යවලා

ISIS ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා වේදනා නාශක යවලා
ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක්  ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් ලිබියාවට යවා තිබූ එම වේදනා නාශක පෙති තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් බව “ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘ පුවත්සේවය වාර්තා කරයි. මෙම වේදනා නාශක පෙති තොගය සීත කබා සහ හිස ගල්වන ෂැම්පු වර්ගයක් ලෙසින් ව්‍යාජ ලෙසින් සඳහන් කර ඉතාලියේ ජෙනෝවා වරායේ බහාලුම් තුනක සඟවා තිබියදී ඉතාලි පොලිසීය විසින් සොයා ගෙන ඇතැයි වාර්තාවේ.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා සහ ලිබියාවේ ටොබෘක් සහ මිසරාටා ප්‍රදේශයේ සිටින අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා  මෙම පෙති ගෙන්වා ඇතැයිද පොලීසිය හෙළිදරව් කරගෙන තිබේ. එම සමාගම විසින් මෙම තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවකු විසින් මෙම පෙති තොගය ඇණවුම් කර ඇති බවත් අනාවරණයවී ඇත.

ඉන්පසුව ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්වා ඇති බවත් ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර ඇති බවත් හෙළි වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad