Ebay එකෙනුත් බඩු අරන් හමාරයි - ‘‘රවි මාරුවෙන් මංගල යෝග උදා නොවන ලකුණු‘‘ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

Ebay එකෙනුත් බඩු අරන් හමාරයි - ‘‘රවි මාරුවෙන් මංගල යෝග උදා නොවන ලකුණු‘‘

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල්  වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් ඇති අතර එම සිදුවන ගනදෙනු වලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බැවින් මේ  පිලිබඳ රජයේ අවධානය යොමුවී  තිබේ.

මේ අනුව Ebay, Aliexpress  වැනි වෙළඳසැල්  වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී  ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

නමුත් මේ පිලිබඳ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව වන්නේ Ebay , Aliexpress, Airbnb  වැනි වෙබ් අඩවි ඔවුන්ගේ මව් රට මූලික කොටගෙන ලොව වටා සේවාව ලබාදීම හේතුවෙන් වෙනත් රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපැවැත්වීමය. එසේ නැතහොත් සිදුවන්නේ බඩු මිලදී ගන්නා පිරිසගෙන් බදු අය කරගැනීමටය. එයටත් පොදු පද්ධතියක් සෑදීම ඉතා සංකීර්ණ කාරණයකි.


එහෙයින් බොහෝ රටවල් අන්තර්ජාල ගණදෙනු සම්බන්ධයෙන් තවමත් සිටින්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරමිනි. හෝටල් කාමර වෙන්කරවා ගැනීමේ සේවාවන් වන booking.com හා Airbnb  වැනි වෙබ් අඩවි සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් දැනටමත් රජය අදාළ පාර්ශවයන් සමග සාකච්ජා පවත්වා ඇති අතර බදු පැනවූවහොත් Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ. එසේ Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වුවහොත් Airbnb  තුලින් යැපෙන ලංකාවේ ව්‍යාපාර 7000 කට අධික ප්‍රමාණයක් අඩපණ වීම අවධානමක් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad