නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහිව ජනතාව වීදි බසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහිව ජනතාව වීදි බසී

ඵෙතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල හා ඒ අවට තිබෙන රජය සතු වටිනා ඉඩම් පුද්ගලික අංශයකට පවරා දිමට එරෙහිව අද (28) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වුවා.

ඒ නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී. නුවරඑළිය මානව හිතවාදී ජන සංවිධානයේ කැදවුම්කරු අසංක නිරෝෂන් දයානන්ද මහතා චෝදනා කරන්නේ නුවරඑළිය පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රධාන නගර වල පිහිටි තැපැල් කාර්යාලය ගොඩනැගිලි හා ඒ අවට තිබෙන ඉඩම් පෞද්ගලික අංශයට පවරා දිමට රජයේ ඇතැම් නිළධාරින් මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි.

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණයට ලක්වු ස්ථානයක් ලෙසයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad