ඉන්දීය සහනාධාර රැගත් දෙවන නෞකාවත් දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

ඉන්දීය සහනාධාර රැගත් දෙවන නෞකාවත් දිවයිනට

අහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් දෙවන නෞකාව ද අද (28) පස්වරුවේ කොළඹ වරායට ළඟා වුණා.

මෙම නෞකාවෙන් ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ සහනාධාර ලෙස රැගෙනවිත් ඇති බවයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් අදාළ නෞකාව පිළිගනු ලැබුවා.  ඉන්දීය සහනාධාර රැගත් පළමු නෞකාව ඊයේ (27) මෙරටට ළඟා වූ අතර, එහි වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, ඖෂධ වර්ග ඇතුළත්ව තිබුණා.

එමෙන්ම ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් ද මෙරටට පැමිණියේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහායි.

No comments:

Post a Comment

Post Bottom Ad