රවී ඉවත්කරනවා නම් අර්ජුනත් ඉවත් කරන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

රවී ඉවත්කරනවා නම් අර්ජුනත් ඉවත් කරන්න.

අකර්ක්ෂමතාව හේතුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත්කරන්නේ නම් වරාය සංවර්ධන කටයුතු සිදු කිරීමට අකුල් හෙළන හා එම කටයුතු අකාර්කෂම කළ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද අදාළ ඇමතිකමින් ඉවත්කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කැබිනට් සංශෝධනයේදී පසුගිය වකවානුවේ මාධ්‍ය හරහා බරපතල විවේචනයට ලක්වූ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ධුර පමණක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා මුලින් බලාපොරොත්තුව සිටියද, පසුව ජනාධිපතිවරයා හමුවූ එජාප පුබල ඇමතිවරුන් පිරිසක් විසින්  එවැනි තත්වයකදී එසේ ධුරයෙන් මාරු කරන ලද ඇමතිවරුන් දුෂකයින් ලෙස සමාජය තුල තහවුරුවීම තුල ඔවුන් දේශපාලනික වශයෙන් අනාතවීමේ අවධානම සලකා පුර්ණ කැබිනට් සංශෝධනයක් කරණ ලෙස කළ ඉල්ලීමට අවනතව තිබේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප කැබිනට් අමාත්‍ය ධූර දරනු ලබන ඇමතිවරුන්ගේ අමාත්‍යධූර සංශෝධනය නොවන බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. කෙසේවුවද, වරාය අමාත්‍යවරයාගේ සහෝදරයා වන ධම්මික රණතුංග මහතා විසින් සිරස නාලිකාවේ රූපවාහිනී වැඩසටහනකට එක්ව ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහල ඇමතිවරු කල කිරීමෙන් පසුවන බවද පැවසේ.

මේ අතර, අර්ජුනට සිය අමාත්‍ය ධූර කාලයේදී වරායේ ක්‍රියා කාරිත්වය අකාර්‍යක්ෂම කිරීම සම්බන්ධයෙන් බරපතලම චෝදනාව එල්ලවී ඇත්තේ 2008 වසරේදී ආරම්භ කර ඩොලර් බිලියන 400ක් වියම් කර සකසන ලද නැගෙන පර්යන්ත ව්‍යාපෘතිය අකාර්යක්ෂම කිරීමය. වරායේ ඉදිරි සැලැසුම් සම්බන්ධ ප්‍රවීනයන්ගේ මතය වන්නේ සී.අයි.සී.සී. පර්යන්තයට අභියෝග කර වරායට ආදායම් ලැබිය හැකි එකම ව්‍යාපෘතිය නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම බවයි. 


වසර 2013 දී එම පර්යන්තය දියුණු කිරීමට මිලියන 100ක ආයෝජනයක් සිදුකර ඒ සඳහා ඩොලර් මිලියන 80ක දෙඹකර ගෙන්වීමට වරාය සැලැසුම්කර තිබුණද වත්මන් ඇමති අර්ජුන 2014 දෙසැම්බර් මාසයේදී වරාය ඇමතිවීමෙන් පසුව එම මිලදී ගැනීම්වල වංචාවක් සිදුව ඇති බව පවසමින් එය අත්හිටුවා ඇත. කෙසේවුවද, එය අත්හිටුවීමෙන් පසුව මේවන විට වසර දෙකහමාරක කාලයක් ගතවී ඇතත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා මෙතෙක් කටයුතු කර නොමැත.

එසේම අදාළ ව්‍යාපෘතිය වහවහා දැන්ම ක්‍රියාවට නැගුවද එය අවසන්වීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවන බව පැවසේ. මේ තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ පමණක් වරායට ලක්ෂ 5ක බහාලුම් මෙහෙයුම් අහිමිව ඇති බව වාර්තා වේ. පසුගිය කාලයේ වරාය අමාත්‍යවරයාට වෘත්තීය සමිතිවලින් දැඩි විවේචන එල්ලවූ අතර, ඒවා හම්බන්තොට වාරාය ගිවිසුම සම්බන්ධයෙන් අර්ජුන ගත් ස්ථාවරයත් සමග වෙනත් දෙසකට යොමුවූ බව එහි සේවකයෝ කියති.

වෘත්තීය සිමිති විරෝධතා වැඩි වශයෙන් අමාත්‍යවරයාට එරෙහිව මතුවූයේ ඔහු විසින් සිය පවුලේ අය වරාය තනතුරු සඳහා දිගින් දිගටම පත් කිරීම නිසාය.

No comments:

Post a Comment

Post Bottom Ad