“ප්‍රේම ජවනිකා රඟපාන්න පට්ටම ලැජ්ජයි” – දෙවෙනි ඉනිමේ අනුහස් කිව්ව කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

“ප්‍රේම ජවනිකා රඟපාන්න පට්ටම ලැජ්ජයි” – දෙවෙනි ඉනිමේ අනුහස් කිව්ව කතාව

දෙරණ නාලිකාවේ විකාශය වන “දෙවැනි ඉනිම” නාට්‍යයේ අනුහස් කියලා කියන්නේ මේ වෙනකොට ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන්ම තරුණියන් අතර. අනුහස්ගේ චරිතයට පනපොවන්නේ රවීන් කණිෂ්ක. ඔහු සති අන්ත පුවත්පතකට ප්‍රේමය පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

ආදරේ පළමු අත්දැකීම වින්දේ වයස අවුරුදු කීයෙදි විතරද?

ඒකනම් හරියට කියන්න බෑ. මගේ ජීවිතේ මම වැඩි හරියක්ම කලේ අත්හදා බැලීම්. මම ආදරේ ගැන තනියම කරපු පරීක්ෂණ තිබ්බා. ඒවායෙන් දේවල් දැන ගත්තා. ඒ ඇරෙන්න මට ඒ ගැන තාම දැනුමක් නෑ. පළපුරුද්දක් නෑ.

පෙම් ජවනිකා රඟපානකොට එහෙම ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද?

අපෝ…ලැජ්ජයි.. පට්ටම ලැජ්ජයි. ඉස්සර වගේ නෙමෙයි. දැන් ෆෝවර්ඩ්. ඒ වගේ දේවල් රගපාද්දි ලැජ්ජාව ඕනේ. මොකද එහෙම නැත්තම් ඒකත් අවුල්.

ඒ ජවනිකා අම්මලත් එක්ක ටි.වී එකේ බලද්දී ඇතිවන හැඟිම කොහොමද?

අම්මෝ…එතකොට ඊට වඩා ලැජ්ජයි. විලිලැජ්ජයි අනේ. ඒත් ඉතිං ඇක්ශන් කට් කියන සීමාව ඇතුලේ විතරනේ.

රවීන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන ගෑනු ළමයි නැද්ද?

ඒක මම හරියට දන්නේ නෑ. කවුරුත් මට කියලා නෑනේ.

රවීන්ට නෑනලා නැද්ද?

ඉන්නවා ඉන්නවා…

එයාලගෙන් කරදර නැද්ද?

නෑනේ. තිබුනනම් මරු.

රියැලිටි අත්දැකීම කොහොමද ?

මාව චරිතයක් කලේ රියැලිටි වැඩසටහන. නමුත් එතනින් එහාට මගේ ජීවිතේ රියැලිටියකට බාරදෙන්න මම සුදානම් නෑ. ඒක මම සැලසුම් කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad