මහින්ද යෝෂිත සමග සති එකහමාරකට ජපානෙට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

මහින්ද යෝෂිත සමග සති එකහමාරකට ජපානෙට


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් හෙට 31 ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි. ජපානයේදී විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත.

ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය. යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad