සහන දෙන තුරු ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වීම කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

සහන දෙන තුරු ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වීම කල්යයි

සහන දෙන තුරු ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වීම කල්යයි
ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මසකට රුපියල් ලක්ෂ 228ක කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගෙන තවම පදිංචි වී නැති ගොඩනැඟිල්ලේ කාමර වෙන් කිරීම සහ ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දාහතර කෝටි දාහතර ලක්ෂ විසි හයදහසක මුදලක් ලබා ගැනීම ඇතුළු තවත් කරුණු ගණනාවක් උදෙසා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිණි.

2014 වර්ෂයට අදාළව හිඟ බිල්පත් නිරවුල් කිරීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීමට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ රුපියල් තිස් එක්කෝටි අසූ ලක්ෂයක (රු. 318,000,000) මුදලක්ද මේ පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් වෙයි. මේ අතර ඇමැතිවරුන් තිදෙනකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීමට රුපියල් දාහතර කෝටියකට අධික මුදලක් ලබා ගැනීමට සූදානම් බව වාර්තා වේ.

ඒ අනුව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයා සඳහා වාහනයක් මිලදී ගැනීමට රුපියල් පන්කෝටි විසි ලක්ෂයක් (රු.52,000,000), ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් තුන් ලක්ෂයක්ද (රු. 4,300,000), තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි විසි හය ලක්ෂ පනස් පන් දහසක්ද (රු. 42,655,000) වශයෙන් රුපියල් දහහතර කෝටි තිස් හත්ලක්ෂ හතළිස් තුන් දහසක් (143,743,000) මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත්ව ඇත.

ඊට අමතරව මේ පරිපූරක ඇස්තමේන්තුව මඟින් තවත් ප්‍රතිපාදන රැසක් ඉල්ලා ඇති අතර සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

No comments:

Post a Comment

Post Bottom Ad