හානි වූ සියලු මාර්ග ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

හානි වූ සියලු මාර්ග ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

හානි වූ සියලු මාර්ග ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
දිවයින පුරා දැනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක රැසක ගමනාගමනට සිදුව ඇති බාධාවන් ඉවත්කර මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය දැනටමත් කඩිනම් පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන ප‍්‍රදේශවල ගංවතුර හා නායයාම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුව ඇති අවහිර වීම් හා හානිවීම් පිළිබඳ තොරතුරු ඒ ඒ ප‍්‍රදේශවල පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේ වනවිටත් ලබා ගනිමින් පවතින අතර ඒ අනුව අදාළ ප‍්‍රදේශයන් වෙත සහන සැලසීම කඩනම් කිරීම උදෙසා එම මාර්ග ගමනාගමනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ.

ආපදාවට පත්ව ඇති ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් ලේකම්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරුන් සහ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සම්බන්ධීකරයෙන් මෙම නඩත්තු කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව කටයුතු කරන ඉදිකිරීම්කරුවන් නොමිලේම තමන් සතු යන්ත‍්‍ර සූත‍්‍ර මෙම මාර්ග යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.

දැනට පවතින ආපදා තත්වය හේතුවෙන් කඩිනමින් ගමනාගමනයට විවෘත කල යුතු මාර්ග හඳුනාගනිමින් එම මාර්ගවල සිදුව ඇති පස්කඳු කඩා වැටීම් සහ ගල් ආදිය ඉවත් කිරීම කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර ඉදිරියේදී විධිමත් තක්සේරුවකින් අනතුරුව එම මාර්ගවල අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු නිසි අයුරින් සිදු කිරීමටද මාර්ග සවර්ධන අධිකාරිය කටයුතු සූදානම් කර ඇත.

දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක ආපදාවට පත්ව ඇති මාර්ග පිළිබඳව, මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 සහ 1969 ක්ෂණික දුරකථන අංක ඔස්සේ දැනුම් දීමෙන් අදාළ මාර්ග කඩිනමින් යථාත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය පැය 24 පුරා සූදානමින් සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad