මාතර නවතම තත්වය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

මාතර නවතම තත්වය මෙන්න

මාතර දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයේ පැවති ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 43114 ක පුද්ගලයින් 160702 ක් ආපදාවට පත්ව තිබෙනවා. ගංවතුර, නාය යෑම්, තද සුළං හා පස් කඳු කඩා වැටීම් නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහිම (16) පුද්ගලයින් 160702ක පිරිසක් මේ වන විට අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ මරණ 24 ක් වාර්තා වී තිබෙන අතර අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 15 කි. තවත් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පූර්ණ නිවාස හානි 186 ක් හා අර්ධ නිවාස හානි 2637 ක් මේ වන විට වාර්තා වන අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 26ක පවුල් 2891 ක පුද්ගලයින් 11085 ක පිරිසක් නවාතැන්ගෙන සිටි.

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා. විපතට පත් වූවන් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සනීපාරක්ෂක උපකරණ, ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබෙන ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදිය හැකි බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad