රත්නපුර පොත්ගුල් කන්ද අවට ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

රත්නපුර පොත්ගුල් කන්ද අවට ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කරයි

රත්නපුර - පොතුගුල් කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ සිටි පවුල් 20ක පමණ ජනතාව ඊයේ (29) රාත්‍රියේ ඉවත් කිරීමට පියවර ගත්තා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර සදහන් කළේ එම පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට ද පියවර ගත් බවයි. එමෙන්ම වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 7කට නිකුත් කෙරුණු නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර, ගං වතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා තිබෙනවා. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad