එපා කියද්දිත් ආපදා බලන්න ගිය 6ක් මරුට 16 කට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

එපා කියද්දිත් ආපදා බලන්න ගිය 6ක් මරුට 16 කට තුවාල


ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි. 

මෙම පිරිස ඇඳවැටීමෙන්, ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි. කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.

අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad