විශ්‍රාම වැටුප බේරාගැනීමට – නවක මන්ත්‍රීන් සටනක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

විශ්‍රාම වැටුප බේරාගැනීමට – නවක මන්ත්‍රීන් සටනක

නාධිපතිවරණයෙන් කවුරු බලයට පත්වූවද ලබන වසරේ පෙබරවාරි 17න් පසුව මහමැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති නිසා දැනට පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන් දැඩි කැලඹීමට පත් වී ඇති බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහමැතිවරණය පවත්වා වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය.
2015 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැති අතර 2020 පෙබරවාරි 17 වෙනි දිනෙන් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවේ.

ආණ්ඩුව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන නමුත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නවක මන්ත්‍රිවරුන් 69 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් 41ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 17 දෙනෙක්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අට දෙනෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රිවරයකුට මේ නිසා ජයග්‍රහණය කරන ජනපතිවරයාට සහය පළ කරමින් නියමිත වසර 5 අවසන් වන තෙක් වත්මන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට මේ මන්ත්‍රි කණ්ඩායම අදහස් කොට ඇතැයි වාර්තා වේ. විශ්‍රාම වැටුප් අහිමි වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට දීමනා රහිතව රුපියල් 54265 මූලික වැටුපක් හිමිවන අතර ඉන් තුනෙන් එකක් වන රුපියල් 18095ක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.

චමින්ද සේනාරත්න


No comments:

Post a Comment

Post Bottom Ad