පැය 4ක වෛද්‍ය වර්ජනය පැය 24ක් වෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

පැය 4ක වෛද්‍ය වර්ජනය පැය 24ක් වෙයි?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිත වරුවක වැඩවර්ජනය දිනක වර්ජනයක් දක්වා දික් කිරීමේ බලය එම සංගමය විසින් සිය ශාඛා සමිති වෙත පවරා තිබෙනවා.

අද(19) විධායක කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සයිටම් විරෝධී පෙළපාලියට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ලබන සඳුදා වරුවක වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට  පෙර නිවේදනය කළා

No comments:

Post a Comment

Post Bottom Ad