නයිට් ක්ලබ් ගැටුම නිසා එක කකුලක් කපා 'දුවද්දී' අනෙක් කකුලත් කපා මැරූ හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

නයිට් ක්ලබ් ගැටුම නිසා එක කකුලක් කපා 'දුවද්දී' අනෙක් කකුලත් කපා මැරූ හැටි (PHOTOS)

තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාවක්‌ තුළ ඇති වූ ගැටුමකින් ඊයේ (28) තරුණයකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙසේ ඝාතනයට ලක්‌වී ඇත්තේ අතුරුගිරිය මහජන මාවතේ අංක 20/එස්‌ 1 නිවසේ පදිංචිව සිටි ඇල්ලගොඩ ගමගේ ඉසුර සම්පත් හෙවත් 'ලොකු බර්ටි' නමැති 25 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

රැකියාව වශයෙන් ත්‍රිරෝද රථයක රියදුරකු ලෙස කටයුතු කරන මියගිය තරුණයා පසුගිය 27 වැනිදා රාත්‍රියේ මිතුරන් සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක සිටින අතරතුර ඇති වූ බහින්බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ අනතුරුව අලුයම 3.10 ට පමණ රාත්‍රි සමාජ ශාලාවෙන් පිටතට පැමිණි අවස්‌ථාවේ කිසියම් පිරිසක්‌ තියුණු ආයුධවලින් ඔහුගේ පාදයට කොටා තිබෙනවා.

වෙන් වූ පාදය අත්හැර එක්‌ පාදයකින් දිවි බේරා ගැනීමට දිව ගියත් ඝාතකයන් එළව එළවා පහර දී ඔහුගේ පා දෙකම වෙන් වන සේ කපා කොටා තිබුණා.  තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ ඇති බව  පොලිසිය සඳහන් කළා. පැරණි කෝන්තරයක්‌ පිරිමසා ගැනීමට කිසියම් කල්ලියක්‌ විසින් මෙම තරුණයා රාත්‍රි සමාජ ශාලාව වෙත රැගෙන ගොස්‌ මෙසේ කපා කොටා ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක්‌ පවත්වන බවයි වැඩිදුරටත්  පොලිසිය ප්‍රකාශ කළේ.

(අයිරංගි එදිරිසිංහ - කඩුවෙල )







 

No comments:

Post a Comment

Post Bottom Ad