ජනක ඉවත්කළ නිසා මධ්‍යම පළාතේ තවත් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ජනක ඉවත්කළ නිසා මධ්‍යම පළාතේ තවත් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වෙයි

මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරයකුද, හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශාපලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ඔහුගේ පුත් ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු හා ක‍්‍රීඩා ඇමති ධූරයෙන් ඉකුත් අගහරුවාදා(25) ඉවත් විය. ඉදිරි දින කිහිපයේදී ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීමට සූදානම් වන පළාත් සභා මන්ත‍්‍රීවරයා පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad