ශ්‍රී ලංකාව වෙනුවෙන්ම ඉන්දියාව නිෂ්පාදනය කරන අධි තාක්ෂණික නෞකාව මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

ශ්‍රී ලංකාව වෙනුවෙන්ම ඉන්දියාව නිෂ්පාදනය කරන අධි තාක්ෂණික නෞකාව මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකංගනයේ දී විශේෂිත නෞකා 2ක් නිෂ්පාදනය කෙරෙනවා. ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ද්විත්වයේ නිමැවුම් කටයුතු අවසන් අධියරට ලඟා වෙමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ.

ඒ අනුව ඉන් එක් නෞකාවක පහසුකම් හා තාක්ෂණය අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සාගරික මුර සංචාර සිදු කිරීම, විශේෂ සෝදිසි කිරීම් හා මුදවා ගැනීම් මෙන්ම සාගරික පරිසර පද්ධති අපවිත්‍ර වීම පාලනය කිරීම වැනි මෙහෙයුම් මෙම නෞකාව මගින් සිදු කිරීමට අපේක්ෂා රෙනවා. එමෙන්ම මෙම නෞකාව නාවික හමුදා නෞකා බලඝණයට එක් වූ පසු නාවික හමුදාව සතු විශාලතම ධජ නෞකාව වනු ඇත.

මෙම නෞකාව දිගින් මීටර් 105.7ක්. පළලින් මීටර් 13.6ක්. ඊට අමතරව ටොන් 2350ක ධාරිතාවයකින් සහ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි හෙලිපථයකින් ද යුක්තයි. මෙම නෞකාව නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයින් 100 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විතයි. තවද, නාවික සැතපුම් 4,500ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුයි.

මෙම අධිතාක්ෂණික නෞකාවන් නිශ්පාදනය කිරීම 2014 වසරේ මැයි මස ආරම්භ කෙරුනා. නෞකාවන් දිය මතට මුදා හැරීම පසුගිය වසරේ (2016) ජුනි මස සිදු කෙරුනා. මෙම වසරේ (2017) ජුනි මස වන විට නෞකා ද්විත්වය අතරින් එක් නෞකාවක් සහ ඉන් පසු වසරක ඇවෑමෙන් අනෙක් නෞකා‍ව ද ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වීමට නියමිතවව තිබෙනවා.  













No comments:

Post a Comment

Post Bottom Ad