ඉන්දියාවේ ඉල්ලීම ICC ය ප‍්‍රතික්ෂේප කරයි.. ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයට හිමිව තිබූ මූල්‍ය බලය බිද වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ඉන්දියාවේ ඉල්ලීම ICC ය ප‍්‍රතික්ෂේප කරයි.. ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයට හිමිව තිබූ මූල්‍ය බලය බිද වැටෙයි

ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයට මෙතෙක් හිමිව තිබූ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ පරිපාලන ඒකාධිකාරය අවසන් වී තිබෙනවා.

මේ අතර 2023 දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවලට ආදායම් බෙදී යන ආකාරය ද එහි දී තීරණයකර තිබුණා. එහි දී ද ඉන්දියාවේ ඉල්ලීම පසෙක දැමීමටයි ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඉන්දියාව ඉල්ලා තිබුණේ තමන්ට අමෙරිකානු ඩොලර් මිලියන 570ක් ලබා දෙන ලෙසයි. එහෙත් දැන් තීරණයවී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 293ක් පමණක් ලබා දීමටයි. ශ‍්‍රී ලංකාවට හිමිවන මුදල ඩොලර් මිලියන 132ක්.

No comments:

Post a Comment

Post Bottom Ad