මරණ හැටි Facebook Live පෙන්වූ ඝාතකයා 16 ක් මැරුවා, තවත් මරණවා කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

මරණ හැටි Facebook Live පෙන්වූ ඝාතකයා 16 ක් මැරුවා, තවත් මරණවා කියයි (VIDEO)

අමෙරිකාවේ අපරාධකරුවෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ආකාරය  Facebook ඔස්සේ සජීවීව විකාශය කිරීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මාර්ගයේදී අහඹු ලෙස හමුවන එම පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන අයුරු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළ එම අපරාධකරු සෙයා ක්ලීව්ලන්ඩ් පොලීසිය මේවනවිට මෙහෙයමුක් ආරම්භ කර තිබෙනවා.


අපරාධකරු ස්ටීව් ස්ටීවන්ස් ලෙස හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහියෝ ප්‍රාන්තයේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, 74 හැවිරිදි රොබර්ට් ගොඩ්වින්. ඝාතකයා පසු තවත් වීඩියෝවක් පළ කරමින් පවසා ඇත්තේ, මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු මරා ඇති බවත් ඉදිරියේදී තවත් ඝාතන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ය. 

රොබර්ට් ගොඩ්වින්ගේ ඝාතනය පිළිබඳ තොරතුරු ඇතත් ඔහු පවසන ආකාරයේ අනෙකුත් ඝාතන පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව ක්ලීව්ලන්ඩ් පොලිස් ප්‍රධානී කැල්වින් විලියම්ස් පවසනවා.


ස්ටීව් ස්ටීවන්ස්


 රොබර්ට් ගොඩ්වින්



වෙඩිතබන අවස්ථාව




ද සන් වෙබ් අඩවිය පලකර ඇති වෙඩිතබන අවස්ථාවේ Facebook Live වීඩියෝව මෙතනින් නැරඹිය හැක. සංවේදී අය නැරඹිමෙන් වලකින්න.

No comments:

Post a Comment

Post Bottom Ad