ජනිපෙන් විමල් ඉවතට ? [Exclusive] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

ජනිපෙන් විමල් ඉවතට ? [Exclusive]

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අපට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පක්ෂ නායක ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් විමල් විරවංශ මහතා ඉවත් කිරීමට එම පක්ෂය සැලසුම්කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ඇතුලු  බහුතර පිරිසක් විමල් වීරවංශ විරෝදින් බවට දැනටමත් පත්ව ඇති අතර මධ්‍යම කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනෙකු පමණක් විමල්ට හිතවත්ව සිටින අතර වීරකුමාර දිසානායක මහතා ඇතුලු සෙසු පිරිස් සහ පක්ෂය තුල බහුතර පිරිසක් විරවංශ විරෝදීන් බවට පත්වී ඇත. ඒ අනුව වීරවංශ මහතා පක්ෂයෙන් නෙරපා දැමීමට වැඩි බහුතරයක් ඇති බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මෙසේ විරවංශ මහතා ඉවත් කිරීමට හේතුවී ඇත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ශෂී විරවංශ මහත්මිය කිසිදු සාධාරණ පදනමකින් තොරව පත්කරගනිමත්, පසුගිය ආණ්ඩු අසමයේ සිටම තම ව්‍යාපාරික කටයුතු සහ සුඛෝපබෝගී ජීවිතය ගැන පමණක් අවදානය යොමුකළ විරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමේදී ඉදිරියට ගෙනයනු ලබන බවට පාක්ෂිකයන්ට ලබාදුන් ජනතාවාදී ප්‍රතිපත්තිවලට පයින් ගැසීම නිසා මෙම තත්වය උදාවී ඇතැයි සඳහන් වේ. 


එසේම ජනතාවාදී මගක යන බවට ප්‍රතිඥා ලබාදී දේශපාලන බලය යොදාගනිමින් සොච්චම් මුදලට තම හෙන්චයියන් හරහා නිදහස් වෙලද කලාපවලින් ලබාගත් රෙදි ටෙන්ඩර් මගින් රෙදි මෙරට රෙදි කෝටාව තමන් යටතේ තබා ගැනීම, මන්දිර වැනි නිවාස කිහිපයක් මිලදී ගැනීම ආදිය පාක්ෂිකයන්ගේ කලකිරීමට හේතුවී ඇති බව සඳහන් වේ.

උපුටා ගැනීම :  Infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad