මීතොටමුල්ල වායුගෝලයේ මීතේන් ඉහළට - හමුදාවට විශේෂ මුව ආවරණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

මීතොටමුල්ල වායුගෝලයේ මීතේන් ඉහළට - හමුදාවට විශේෂ මුව ආවරණ

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව බේරා ගැනීිමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙනවා. එහි මෙහෙයුම්වල නිරත හමුදා සාමාජිකයින් ඇතුළු පිරිස්වලට පැළඳීම සඳහා විශේෂ මුව ආවරණ ද ලබාදී ඇති බවයි.

මෙම ප්‍රදේශයේ වායුගෝලයේ මීතේන් වායුවේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇතැයි ජපාන තාක්ෂණික කණ්ඩායම ලබාදුන් නිර්දේශ මීට හේතුවී තිඛෙනවා. මීට අමතරව මෙහෙයුම්වල නිරත පිරිස් හැර සෙසු පිරිස්වලට කසල කන්ද ආසන්නයට පැමිණීම සිීමා කිරීමට ද කටයුතු කර ඇති බවයි පැවසුවේ.  මීතොටමුල්ල කසල කන්ද නැවත වරක් කඩා වැටීම වළක්වාලීමට ද පියවර ගෙන තිඛෙනවා. 


ඒ අනුව සුන්බුන් ඉවත් කළ කොටසේ ස්ථර තුනක් ලෙස ඉදි කළ වැටි මත පොලිතීන් එළීම අද ආරම්භ කෙරුණා. 

No comments:

Post a Comment

Post Bottom Ad