ගෙදරට වෙලා හිටිය කෙනෙක් තමයි මම – ලංකාවේ මිනිස්සු මාව ෆේස්බුක් තරුවක් කරලා – පියුමි හංසමාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

ගෙදරට වෙලා හිටිය කෙනෙක් තමයි මම – ලංකාවේ මිනිස්සු මාව ෆේස්බුක් තරුවක් කරලා – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන සහ කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිතයක්. මේ ඇය සමග කළ කතාබහක්.

පියුමි හංසමාලි කියන්නේ ෆේස්බුක් තරුවක්ද?

ලංකාවේ මේවන කොට මිනිස්සු මාව ෆේස්බුක් තරුවක් කරලා. නමුත් මම ෆේස්බුක් තරුවක් නෙමෙයි. පියුමි හංසමාලි කියන්නේ ෆේස්බුක් එක හරහා ජනප්‍රිය වුණු කෙනෙක් නෙමෙයි. මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. මම ෆේස්බුක් තරුවක් කියන්න බැහැ ඒක සම්පූර්ණ වැරදියි.

නිරූපිකාවක් නොවුනන් අද පියුමි කවුද?

ඇත්තටම මම නිරූපිකාවක් වුණේ නැත්නම් අද කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ. පුංචි කාලේ ඉඳල ගුවන් සේවිකාවක් වෙන්න. නිරූපිකාවක් වුණේ නැත්නම් මම ලංකාවේ නැති වෙන්නත් තිබුණා.

ගුවන් සේවිකාව කියන හීනෙට මොකද වුණේ?

අපි පාසල් යන කාලේදී කවුරු හරි ඇහැව්වාම කවුරු වෙන්නද කැමති කියලා ඇහැව්වාම කියන හීනේ තමයි ඒක. ඒකට කියලා කිසි උනන්දුවක් තිබුණේ නැහැ. ගෙදරට වෙලා හිටිය කෙනෙක් තමයි මම. 2010 වර්ෂයේදී තමයි නිරූපණයට සම්බන්ධ වුණේ. කිසිම දෙයකට ඕනේ කියලා ඒකට යොමුවුණේ නැහැ. නිරූපණයට ආවාට පස්සේ තමයි ඒදේයට ආසා හිතුණේ. රංගන ක්ෂේත්‍රයට ඔටෝ ආවා. ඊට පස්සේ නිවේදිකාවක් වුණා. ඇත්තටම අද ඉන්න තැන ගැන හිතනකොට ගොඩාක් සතුටුයි.

මුල්ම රඟපෑම?

මුලින්ම රංගනයෙන් දායක වුණේ රිතූ ටෙලි නාට්‍යය.ඒකේ ප්‍රධාන චරිතය කළේ මමයි. ඒ රිතූ ගේ චරිතයයි. ගොඩක් අය ක්ෂේත්‍රයට එන්නේ වෙනත් එකක අතුරු චරිතයක් රඟපාලා. නමුත් මගේ වාසනාවට මගේ පළවෙනි ටෙලි නාට්‍යෙය් මට ප්‍රධාන චරිතය හම්බ වුණා. ඒවගේම තමයි මගේ පළමු චිත්‍රපටයේත් ඒකේත් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ වත්සානේ සඳ කියන චිත්‍රපටයයි. ඒක මේ අවුරුද්දේ එළිදැක්වෙන්න නියමිතව තියෙනවා. ඒක මම අසාවෙන් බලාගෙන ඉන්නේ මගේ චිත්‍රපටය එළිදක්වනකන්.

කවුද කිව්වෙ පියුමිට රඟපාන්න පුළුවන් කියලා?

කිසිම කෙනෙක් මට කියලා නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. මට රඟපාන්න ගොඩක් ඒවට ආරාධනා ලැබෙන කොටත් මම කිව්වේ මට කතාකරන්න එපා මට රඟපාන්න බැහැ කියලයි. මොඩලින් ස්කූල් එකේ මගේ හොඳම යාළුවා තමයි පැතුම් රුක්ෂාන්. එයා තමයි මට ශාන්ත සොයිසා මහත්මයාව හඳුන්වලා දුන්නේ. එයාගේ සහයෝගයත් සමගම මගේ ටෙලි නාට්‍යය සාර්ථකව කරගන්න හම්බ වුණා. එදා එයා දුන්නු අවවාද මගේ චිත්‍රපටයේදී පවා සාර්ථක කරගන්න උදවු වුණා

හැමදාම ක්ෂේත්‍රයේ ඉන්නද බලාපොරොත්තුව?

නිරූපිකාවක් වුණාම ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් සීමිත කාලයයි. අපි හැමදාම එකම විදිහට ඉන්නේ නැහැ. අපේ පෙනුම වෙනස් වෙනවා. තව අලුත් කට්ටිය මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ. මට තාම වයස අවුරුදු 24යි. මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 19දී. මගේ බලාපොරොත්තුවක් නැහැ වයසට ගිහිල්ලත් රඟපාන්න. තව අවුරුදු තුන හතරයි උපරිමයෙන්ම මම රඟපාන්නේ. මගේ ඉලක්කයක් තියෙනවා සැලොන් එකක් දාන්න. දැනටමත් මම එකේ වැඩකටයුතු ආරම්භකරලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත මගේ සැලොන් එක දාගෙන බිස්නස් පැත්තත් සහ නිරූපණය පැත්තත් වැඩකටයුතු කරගෙන යනවා.

එදා සහ අද වෙනස?

ක්ෂේත්‍රයට එන කොට මට රෑම්ප් එකක ඇවිදින්න දන්නෙත් නැහැ. මට රෑම්ප් එකේ යන්න සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. හීල්ස් දෙකක්වත් ගන්න මගේ ළඟ සල්ලි තිබුණේ නැහැ ඇත්තටම. මගේ යාළුවන්ගෙන් ෂූට්ස්වලට සපත්තු ඉල්ලන කොට නොදුන්න අවස්ථා ගොඩක් තිබුණා. නමුත් අද ඒ අය මගෙන් ඉල්ලනවා. ඒ අයට අද මම ඒ දේවල දෙනවා. එදා සහ අද ගැන මම ගොඩක් සතුටු වෙනවා. එදා මම ආස කරපු හැමදෙයක්ම මට ගන්න හැකියාව තියෙන නිසා

අද ලංකාවේ පියුමි හංසමාලි කියන කෙනාට මිලක් සහ වටිනාකමක් තියෙනවාද?

මාර ප්‍රශ්නයක්… මම හිතන්නේ වටිනාකමක් ඇති. පියුමි හංසමාලි කිව්වොත් හැමෝම දන්නවා. අද ටෙලිනාට්‍යයක් බලන්න මිනිස්සුන්ට වෙලාවක් හම්බවෙන්නේ නැහැ. හැබැයි ඕනෑම කෙනෙක්ට වෙලාවක් තියෙනවා ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් යන්න. අපි මොකක් හරි ෂූට් එකක් කරනවානම් අපි ඒකේ ෆෝටෝ දානවා. ඉතිං ඒ දේවල්වලින් ගොඩක් අය දැනගන්නවා මේ අය රඟපානවා, නැත්නම් නිවේදිකාවක්, නිරූපිකාවක් කියන කාරණාව. ගෙදරට වෙලා නිකන් ඉන්න අය ටීවී බලද්දී වෙළෙඳ දැන්වීම්වලින් මාව දකිනවා. රැකියා කරන අයත් ෆේස්බුක් හරහා මාව හඳුනගත්තා.










No comments:

Post a Comment

Post Bottom Ad