ඇමති පුතා ගමන්කළ කැබ්රියේ ගැටී එකම පවුලේ සිව්දෙනා රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

ඇමති පුතා ගමන්කළ කැබ්රියේ ගැටී එකම පවුලේ සිව්දෙනා රෝහලේ

ඇමති පුතා ගමන්කළ කැබ්රියේ ගැටී එකම පවුලේ සිව්දෙනා රෝහලේ
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල සිදුව ඊයේ(24) සවස ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර ඇත.

ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මීටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා, සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.


අනතුරින් තුවාල ලැබු පිරිසේ කාන්තාව සිව් මස් ගැබිනියක් බවද වාර්තා වේ. අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටි බව ආණමඩුව රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බවත් අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් වාර්තා වේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad