ගල් අරක්කු මිල පහල දමන ලෙස ඇමැති ප්‍රසිද්ධියේ ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

ගල් අරක්කු මිල පහල දමන ලෙස ඇමැති ප්‍රසිද්ධියේ ඉල්ලයි

ගල් අරක්කු මිල පහල දමන ලෙස ඇමැති ප්‍රසිද්ධියේ ඉල්ලයි
රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දීය. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න ඇමැතිවරයා පැවසුවේ වැඩ කරන ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් දවසේ වෙහෙස මහන්සි වී ඇඟපත පහන්සියට ගල් අරක්කු ටිකක් පානය කරන බවයි.

නමුත් අද වන විට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1500ක් දක්වා ඉහළ මිලක් පැවතීම නිසා වෙහෙසෙන ජනතාව කසිප්පු වැනි නීති විරෝධී මත්වතුර පානය කිරීමට පෙළඹී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ වතු ආශ්‍රිතව පිරිමින් පමණක් නොව කාන්තාවන් ද හැන්දෑවට කසිප්පු පානය කිරීමට දැඩි ලෙස පෙළඹී ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය. 

ඒ නිසා මේ කසිප්පු ජාවාරම කොතරම් වැටලීම් කළත් නැවත නැවත ඉස්මතු වන්නේ මිල අධික කම නිසා ජනතාවට සීල් අරක්කු බොන්න නොහැකිවීමෙන් යැයි ද වැඩි දෙනෙක් භාවිතයට ගන්නා ගල් අරක්කු බෝතලයක මිල ඒ නිසා පහත දමන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද අමැතිවරයා සදහන් කළේය. රජයේ අදායම අඩුවීමට පිළියමක් ලෙස අරක්කු මිල ඉහළ දැමුවද එය කසිප්පු වැඩිවීමට හේතුවක් වූ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad